රාජ්‍ය සේවයේ පහළම සේවකයාගේ මූලික වැටුප මේ මාසයේ සිට රුපියල් 2500 කින් ඉහළ යන අතර ඉහළම නිලධාරියාගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
රජය 2015 වසරේදී රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000 ක දීමනාවක් ලබා දුන් අතර එම දීමනාව 2016 වසරේ සිට 2020 වසර දක්වා කාලය තුළ මූලික වැටුපට ගැලපීමට ද තීරණය කළේය.
ඒ අනුව එහි පියවරක් ලෙස රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප 2019 වසරේ ජනවාරි මාසයේ සිට රුපියල් 2500 - 10,000 ත් අතර ප‍්‍රමාණයකින් වැඩිවීමට නියමිතව තිබිණ.
රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප ඉහළ නැංවීමේ අවසන් පියවර 2020 වසරේ ජනවාරි මාසයේ සිදු කෙරෙන අතර එම වසරේදී ද ඔවුන්ගේ මූලික වැටුප රුපියල් 2500 - 10,000 අතර ප‍්‍රමාණයකින් වැඩි කෙරෙන බවද මුදල් අමාත්‍යාංශය පවසයි.

