වර්තමාන පාර්ලිමේන්තුව කැඳ හැලියක් නිසා නව ආණ්ඩුක්රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමට අවශ්‍ය තුනෙන් දෙක ගත නොහැකි බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (02 දා) ප‍්‍රකාශ කළේය.
බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජවිපෙ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී දිසානායක මහතා මෙසේද කීය.
රනිල් වික්‍රමසිංහගේත්, සුමන්තිරන්ගේත්, මහින්ද රාජපක්‌ෂගේත් ඔළුවේ ඇතිවන හිතළුවලට අනුව පෙබරවාරි 04ට කලින් නව ව්‍යවස්‌ථාවක් ගේන්න බැරි බව අපි ප්‍රකාශ කරනවා. 78 ව්‍යවස්‌ථාවේම තිබෙනවා, නව ආණ්ඩුක්රම ව්‍යවස්‌ථාවක් ගේන්නේ කොහොමද කියලා. ඒ වගේම වත්මන් පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන ආකාරයට අනුව නව ව්‍යවස්‌ථාවක් ගේන්න බැරි බව අපි හොඳින්ම දන්නවා. එම නිසා විවිධ කණ්‌ඩායම් තැන තැන වේදිකාවල කියන කතා වගකීමක් නැතිව වාර්තා කරන්න එපා කියලා අපේ රටේ මාධ්‍යවලින් ඉල්ලනවා. එවැනි හුදු ප්‍රකාශ ප්‍රචාරය කිරීම රටට කරන ව්‍යසනයක් බව අපි මාධ්‍ය ආයතනවලට අවධාරණය කරනවා.
නව ව්‍යවස්‌ථාව සකස්‌වීම දීර්ඝ ක්‍රියාවලියක්. දැන් මේ ජාතිවාදී කණ්‌ඩායම් මොන තරම් බොරු බිල්ලෙක්‌ද හදන්නේ? පට්‌ටපල් බොරු මවනවා. අපේ රටේ මාධ්‍ය ආයතන තමයි මෙම ජාතිවාදී කණ්‌ඩායම්වල බොරුව සමාජගත කරන වාහකයන් බවට පත්වෙලා තිබෙන්නේ. අපි පැහැදිලිව කියනවා, වර්තමාන පාර්ලිමේන්තුවේ නව ව්‍යවස්‌ථාවක් සම්මත කරගන්න බැහැ කියලා.
අජිත් අලහකෝන්

