Advertisement

නාඩි රාශි තදීශ යොනි වනිතා දීර්ඝ ගණා ශ්වාත‍්‍ර ෂඞ් වර්ගා මුඛ්‍යතරා විවාහ සමයෙ ශෙෂ සතු මධ්‍ය සතතඃ මාහෙන්ද්‍රා ගණිතායු වශ්‍ය දිවසා වණෝඩු විද්ධාණ්ඩජා රජ්ජුයොගිනී ලිංග භූත ශශියුගෙගාත‍්‍රාභවයා විංශතිඃ යන කාලාමෘතයෙහි නිර්දේශය අනුව නාඩි, රාශි, රාශ්‍යාධිපති, යෝනි, ස්ත‍්‍රී දීර්ඝ, ගණ, මාහෙන්ද්‍ර, ආගණින, ආයු, වශ්‍ය, දින, වර්ණ, වේධ, පක්‍ෂි, රජ්ජු, යෝගිනී, ලිංග, භූත, චන්ද්‍රයොග, ගොත‍්‍ර යනුවෙන් පොරොන්දම් විස්සක් ඇත. ස්ත‍්‍රී - පුරුෂ දෙදෙනෙකු විවාහයට යෝග්‍ය දැයි ජ්‍යොතිෂ්ශාස්ත‍්‍රනුකූලව විමසීමේදී පරීක්‍ෂා කර බැලිය යුතු බොහෝ වැදගත් කාරණා තිබුණත් වර්තමානයේ බොහෝ දෙනා වැඩි අවධානය යොමු කරන්නේ මෙම පොරොන්දම් විස්සෙහි ගැළපීම කෙරෙහිය. එහිදී ද දෝෂ භංග සාධක ගැන පුළුල් විමර්ශනයකින් තොරව, ඇතැම් පොරොන්දම් නොගැළපෙන බව දක්වනු ලබයි. මෙබඳු හේතු නිසා ගලපාලිය හැකි ජන්මපත‍්‍ර පවා ප‍්‍රතික්‍ෂේප වීම හේතුවෙන් විවාහයක් සිදු කර ගැනීමට නොහැකිව සිටින තරුණ තරුණියෝද බොහෝ වෙති. එබැවින් විසි පොරොන්දම්වල දෝෂ භංග සාධක මෙම ලිපියෙන් පැහැදිලි කිරීමට අදහස් කෙළෙමි.


 1. කේන්ද්‍ර දෙකේම චන්ද්‍රයා බලවත් වීමෙන් නැකැත් පොරොන්දම නොගැළපීමේ දෝෂය භංග වේ. චන්ද්‍රයා බලවත් වන්නේ පුර පක්‍ෂයේ වීම, උච්ච, ස්වක්‍ෂේත‍්‍ර මිත‍්‍ර රාශියක වීමෙනි.

 පක්‍ෂෙ සිතෙ චන්ද්‍ර බලං ප‍්‍රධානං
 තාරා බලං තත‍්‍රත චිත්තනීයම්
 සුසෙථ ගෘහසෙථ සබලෙච පත්‍යෙ 
 ප‍්‍රධානතා නාසති යතොංගතානාම්

 පුරපස සඳු බලවත්ව සිටින කල තාරාබලය (නැකැත් සීහුම* ගැන නොසිතිය යුතුය. ශක්තිමත් නීරෝග. ස්වාමි පුරුෂයා ගෙදර සිටින කල බිරිඳට එහි අධිපති බවක් නැත.

 න කෘෂණ පක්‍ෂෙ ශශිනඃ ප‍්‍රභාවඃ
 තාරාබලං තත‍්‍ර භවෙත් ප‍්‍රධානම්
 දෙශානතරසෙථ විකලෙච පත්‍යෙවු
 ස්ත‍්‍රී සර්වකාර්යානි න කිං කරොති

 අවපසෙහි සඳුගේ බලයක් නැත. එකල නැකත බලපැවැත්වේ. සැමියා ලෙඩ වී හෝ පිටරට ගොස් සිටිනා විට කිම බිරිඳ සියලූ කටයුතුවලට ප‍්‍රධානතාව නොදරාද?

 මේ අනුව පුර පස සඳු බලවත් වන අතර අවපස නැකත බලවත් වන බව පැහැදිලි වෙයි.

 2. රාශි පොරොන්දම, රාශ්‍යාධිපති පොරොන්දම. නාඩි පොරොන්දම, රජ්ජු පොරොන්දම යන මේවායින් එකක් හෝ සුබ වන්නේ නම් ගණ පොරොන්දම නොගැළපීමේ දෝෂය භංග වේ.

 3. නැකැත් පොරොන්දම හා රාශි පොරොන්දම සුබ නම් මහේන්ද්‍ර පොරොන්දම අසුබ වීමේ දෝෂය භංග වේ.

 4. ග‍්‍රහ පොරොන්දම ගැළපේ නම්, යෝනි පොරොන්දම නොගැළපුණත් බලවත් දෝෂයක් නැති බව ගර්භ සංහිතාවේ දැක්වේ. ස්ත‍්‍රී - පුරුෂ දෙදෙනාම එකම ලිංගයට අයත් නැකතකින් ඉපිද ඇත්නම්, යෝනි පොරොන්දම අසුබ වුවත් වැඩි දෝෂයක් නැත. මධ්‍යම වේ.

 යොනෙර භාවො නොදවාහඃ
 සතුකායෙර්්‍යා වියොගදඃ
 රාශෙර්වශ්‍යංච යiාසති
 කාරයෙනතතු දොෂභාක්

 යනුවෙන් යෝනි කූටය දුෂ්ට නම් විවාහය යෝග්‍ය නොවේ. එසේ තිබියදී විවාහ වූයේ නම් වෙන්වීමට සිදුවේ. රාශි පශ්‍යය ඇත්තේ නම් දෝෂ නොවන බව සංග‍්‍රහ ශිරෝමණීයේ දැක්වේ.

 5. රාශි පොරොන්දම අසුබ වීමේ දෝෂ රාශ්‍යාධිපති පොරොන්දම සුබ වීමෙන් හෝ රාශි දෙකම එකම ග‍්‍රහයෙකුට අයත් වීමෙන් භංග වේ.

 6. නැකැත් පොරොන්දම හා රාශි පොරොන්දම සුබ නම් රාශ්‍යාධිපති පොරොන්දම අසුබ වීමේ දෝෂ භංග වේ.

 7. රාශි පොරොන්දම හා රාශ්‍යාධිපති පොරොන්දම් සුබ නම් වශ්‍ය පොරොන්දම අසුබ වීමේ දෝෂ භංගවේ.

 8. රජ්ජු පොරොන්දම අසුබ වීමේ දෝෂය රාශි පොරොන්දම, රාශ්‍යාධිපති පොරොන්දම, මහේන්ද්‍ර පොරොන්දම සුබ වීමෙන් භංග වෙයි.

 9. රාශි හා රාශ්‍යාධිපති පොරොන්දම් සුබ වීමෙන් වේධ පොරොන්දමේ දෝෂ භංග වේ.

 යන සප්ත මහා සෘෂිවරුන්ගේ නම්වලින් නැකැත් 27 ගෝත‍්‍ර 07 කට බෙදා ගර්භ මුනිවරයා විසින් පොරොන්දම්වලට ඇතුළත් කර ඇත. හින්දු ජ්‍යොතිෂ්‍ය ආරම්භ වූ භාරත සමාජයේ කුල භේදය තදින් පැවැති නිසා, අන්‍ය කුල අතර විවාහ සිදුවීම වැළැක්වීමට වර්ණ පොරොන්දම විසි පොරොන්දම් අතරට එක් වී ඇත. වර්තමානයේ ගෝලීයකරණය හේතුවෙන් ජාති, කුල, ගෝත‍්‍ර නොසලකා මුළු ලොවම එකම විශ්ව ගම්මානයක් බවට පත් වෙද්දී මෙබඳු පොරොන්දම් ගැන විiාත්මකව සිතා බැලිය යුතු වේ.

 විදුහල්පති, සමථ මූල මණ්ඩල සභාපති 
 කපිල ඉන්ද්‍රික ගුණදාස
 මනස ජ්‍යොතිෂ හා වාස්තු විද්‍යා සේවය සංස්කරණය - ගයාන් සමරසිංහ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements