Advertisement

අවාසනාවකට මෙන් අද අපේ පාර්ලිමේන්තුවෙන් රටට ආදර්ශ ලැබෙන්නේ නැතැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (09 දා) කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේදී පැවති උත්සවයකදී පැවසීය.

වත්මන් මන්ත‍්‍රීවරුන්ගේ හැසිරීම නිසා එලෙස ආදර්ශ ලබාදීම අහිමි කර ගෙන ඇති බවත්, එම වැරදි නිවැරදි කරගෙන රටට ආදර්ශ ලබාදෙන්නේ කෙසේ දැයි කියා බැලිය යුතු බවත් අගමැතිවරයා සඳහන් කළේය. අගමැතිවරයා මේ බැව් පැවසුවේ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ 75 වන සංවත්සර උත්සවයට හා තෙමහල් ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙවැනි පසුබිමක් තුළ දේශපාලනඥයන් අනෙකුත් අයට උපදෙස් ලබාදෙන්නේ කෙසේදැයි යන ප‍්‍රශ්නය පැන නඟින අතර පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේදී සිදු වූ දේවල් මඟින් රටට විශාල හානියක් සිදු වූ බව ද පැවසීය.

කරන්දෙණිය - අමල් ප‍්‍රියංකර

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements