Advertisement

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සඳහා තමන්ට අල්ලස් දීමට කළ උත්සහායක් පිළිබඳ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හෙළි කළේය. ඒ ඊයේ (17දා) බීබීසි සේවය සමග සජීවී සංවාදයකට එක්වෙමිනි. ඔවුන් පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

“මටත් අල්ලස් දෙන්න කතා කරලා තියෙනවා ක්‍රීඩකයෝ කණ්ඩායම්වලට ඇතුළත් කරන්න කියලා, මම මේක මේ වෙනකොටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට කියලා තියෙනවා. මේක මම ඊයේ (ජනවාරි 16) දිනයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානියාට ලබා දුන්නා,

එතුමා ඔළුවේ අත තියා ගත්තා. මමත් ඔළුවේ අත තියාගත්තා මේක මට ආපු වෙලාවේ, මම හිතුවා මේක මට ආපු ලණුවක් ද කියලා මාව අල්ලගන්න, මම හිතන්නේ නැහැ මේවා ලංකා ඉතිහාසයේ කවදාවත් වුණ දේවල් කියලා,” අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ හෙළිකර ගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලබා දුන් ‘පොදු සමා කාලය’ සාර්ථක බවද පවසා ඇති ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂිතයන්ට දඬුවම් දීම සඳහා පනතක් මාර්තු මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ප්‍රකාශ කර තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ක්‍රිකට් අතුරු කමිටු පත්කිරීමට දැක් වූ අකැමත්ත හමුවේ, හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම යටතේ ක්‍රිකට් අතුරු කමිටුවක් පිහිටුවීමේ තම අදහස වෙනස් කිරීමට සිදු වූ බව ද අමාත්‍යවරයා එහිදී කියා තිබේ. “ක්‍රිකට් නිලවරණය තියෙනවා, ඒකට උඩින් ක්‍රිකට් ව්‍යවස්ථා කමිටුවක් අපි දානවා. ඒක පාර්ලිමේන්තුවේ පනතක් හැටියට සම්මත කරගන්නවා. ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරන්න.” මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර වැනි හිටපු නායකයන් දිගින් දිගට ම පෙන්වා දුන් පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීම, තම අරමුණ බවද අමාත්‍යවරයා කියා සිටියේය. ලසිත් මාලිංග ලෝක කුසලාන තරගාවලිය දක්වාම ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය දරනු ඇති බවද ක්‍රීඩා අමාත්‍යවරයා පවසා තිබේ.

බී.බී.සී. සිංහල

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements