Advertisement

ඊළග ජනාතිපතිවරයා බිහිවන්නේ පොහොට්ටුවෙන් බවත් එය වැලක්වීමට කිසිවෙකුටත් නොහැකි බවත් පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා අවධාරණය කරයි.

ඊළග ජනාධිපතිවරයා රට එක්සේසත් කිරීමට සහය දැක්වූ අයෙකු බව පවසන මන්ත්‍රීවරයා දැනටමත් 55% ක ඡන්ද පදනමක් රට තුළ ඒ වෙනුවෙන් පොහොට්ටුව ගොඩනගා අවසන් බවද කීවේය.

මිනුවන්ගොඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු තරුණ බල මණ්ඩල සමුළුවට පසුගියදා(26) එක්වෙමින් රණසිංහ මහතා මේ බව සදහන් කළේය

උඩුගම්පල රෙජී රණතුංග සමරු සම්මන්ත්‍රණ ශාලාවේ පැවති මෙම තරුණ සමුළුවට මිනුවන්ගොඩ ආසනයේ ග්‍රාම සේවා වසම් 121 නියොජනය කරමින් තරුණ තරුණියන් 2000 කට අධික පිරිසක් එක්ව සිටියහ. මෙම වැඩසටහන සම්පූර්ණයේන්ම සංවිධානය කර තිබුනෙත්, මෙහෙයවූයේත් තරුණ තරුණියන් වීම ද විශේෂත්වයකි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා මෙසේද කීවේය.

“2015 ජනවාරි 08 වෙනිදා මහින්ද මහත්තයව පරද්දන්න දැවන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුනා. ඒ කුමන්ත්‍රණය පිටුපස සිටියේ දෙමළ ඩයස්පෝරාවයි, බටහිර බලවේගයි.මේ අය මහින්ද රාජපක්ෂ මැතිතුමාට විරුද්ධව රට තුළ බරපතල ලෙස බොරු පැතුරුවා. මේ අයගේ ටාගටි එක වුනේ ඒවෙලාවේ අලුතින්ම ඡන්ද අයිතිය ලැබුණ තරුණ තරුණියන්. මේ තරුණ තරුණියන් අතරත්, රටේ සාමාන්‍ය ජනතාව අතරත් වෛරය හා ඊරිසියාව වපුරන්න මේ අය කටයුතු කළා.

අපි පළාත් සභා මැතිවරණයට ආවේ රනිල් මෛත්‍රී මධුසමය වෙලාවේ. මේ මධුසමය වෙලාවේ අපිට පුලුවන් වුනා ආණ්ඩුව හොල්ලන්න 48% ක් අපි ඡන්ද ගත්තා. එදා ශ්‍රී.ල.නි.ප යට තිබුණ ජන්ද ටිකත් අද තියෙන්නේ පොහොට්ටුවේ. පළාත් පාලන ඡන්දයේදී 48%ක් වුන ඡන්ද ප්‍රතිඵලය දැන් 55% කට අපි පත් කරලා තියෙනවා. මේ රටේ ඊළග ජනාධිපති බිහිවන්නේ අනං මනං ලකුණු වලින් නෙමෙයි පොහොට්ටුවෙන්. මේ පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ රට එක්සේසත් කරන්න සහය දුන්න නායකයෙක්.මේ රට යුද්ධයෙන් ගලවා ගන්න සහය දුන්න කෙනෙක්. පොහොට්ටුවේ අපේක්ෂකයා පරාජය කරන්න පුලුවන් කිසිවෙකු නෑ. එතරම් ප්‍රභල අපේක්ෂකයෙකුයි පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා අපිට ජයග්‍රහණය පිළිබද කිසිම සැකයක් නෑ.

මේ රටේ තරුණ තරුණියන්ව මේ ආණ්ඩුව රැවට්ටුවා. රැකියා දශලක්ෂයක් දෙනවා කිව්වා කෝ, U.N.P ආණ්ඩුව හැමදාමත් කළේ ජනතාව රවටන එක. තරුණයන්ව කනත්තට යවපු U.N.P යෙන් මොන රැකියාද? මේ බොරු වලට නැවත රටේ තරුණ තරුණියන් රවට්ටන්න රනිල්ගේ ආණ්ඩුවට හැකියාවක් නෑ.”

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා:-

ශ්‍රී.ල.නි.ප කියන්නේ මහ පක්ෂයක්වෙලයි තිබුනේ. ඒත් අද තියෙන්නේ බොන්සායි කරපු ශ්‍රී.ල.නි.ප යක්. එය වැඩෙන්නෙ නෑ. මේ දැවන්ත පක්ෂය බොන්සායි කළේ කවුදැයි මේ මුළු රටම දන්නවා. එක්සත් ජාතික පක්ෂයේ සෙවන යටට මේ පක්ෂය ගෙනහින් අපේ පක්ෂය විනාශ කලා. පක්ෂය විතරක් නෙමේයි රටත් විනාශ කලා. රට මේ විනාශයෙන් මුදා ගැනීම මගහැරිය නොහැකි වගකීමක් මේ රටේ තරුණ තරුණියන්ට තියෙනවා.

– ප‍්‍රදීප් අනුර කුමාර

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements