Advertisement

ව්‍යවස්ථාවට අනුව විෂයන් බෙදීමේ අයිතිය පැවරී ඇත්තේ ජනාධිපතිවරයාටය. මෙවර අමාත්‍යාංශ විෂය පථ වෙන්කිරීමේදි ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයට අයත් ආයතන කප්පාදු කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ විරෝධතාවය පළවී තිබෙනවා. 

මේ පිළිබදව අදහස් පළ කළ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා 2019 ජනවාරි 20 වන දින සති අග අරුණ පුවත්පතේ 09 වන පිටුවේ මෙසේ අදහස් පළකර සිටියා. "පැහැදිලිවම කිරිඇල්ල ඇමතිතුමා පක්ෂයට ජවයක් වගේම සම්පතක්. එතුමා පාක්ෂිකයා බලා ගත්ත ඇමති කෙනෙක්. එතුමා පාර්ලිමේන්තුවේදී තනිවම කරන කාර්ය භාරය විශ්මිතයි. ගේම් එක පරාද වීමේ තරහා කිරිඇල්ල ඇමතිතුමා පිටින් යවන්න ජනතාව ඉඩ දෙන්නේ නෑ. සියලු ඇමතිවරු කිරිඇල්ල ඇමතිතුමා වැනි අය අනුගමනය කල යුතු බව අපේ හැගීමයි." පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව රැකගැනීම වෙනුවෙන් සභානායකවරයා ලෙස විශිෂ්ට මෙහෙවරක් සිදුකරන ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාට පාක්ෂිකයාට සේවය කළ හැකි කිසිදු ආයතනයක් නොමැතිව හිස් ගැසට්ටුවක් පමණක් ලබාදීමෙන් සිදු කර ඇති ක්‍රියාවට එරෙහිව එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් වශයෙන් දැඩි ලෙස විරෝධය පළකර සිටින බව ඔහු තවදුරටත් සදහන් කර සිටියා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements