කෝටි 198කට වසර 60ක් පැරණි යුද ටැංකි 22ක් යුද හමුදාවට ගැනීමේ තැතක්
gossip lanaka
,
local
,
News
,
Politics
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව නියෝජනය කරමින් මාලි රාජ්‍යයේ සේවයේ නියුතු ශ්‍රී ලංකා යුද හමුදාව වෙත යැවීම සඳහා වසර හැටකට ආසන්න කාලයකට පෙර නිෂ්පාදනය කළ යුද ටැංකි 22ක් චෙක් ජනරජයෙන් මිලදී ගැනීම සඳහා සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ.
එකක් ඩොලර් ලක්ෂ 5ක් බැගින් වූ මිලක් යටතේ ඩොලර් ලක්ෂ 110ක මිලකට (කෝටි 198කට) එම යුද ටැංකි මිලදී ගැනීමට සැලසුම් කර ඇත. OT 64SK නමැති වර්ගයේ යුද ටැංකිවල තාක්ෂණය හා තත්ත්වය සම්බන්ධයෙන් ගැටලු පවතින අතර ඊට වඩා තාක්ෂණයෙන් උසස් නවතම ඒවා (බ්‍රැන්ඩ් නිව්) සහනදායි ණය ක්‍රමයක් යටතේ ලබාදීම සඳහා චීනය, යුක්රේනය, පොරොන්දු වී ඇති බවද දැන ගැනීමට ඇත.
මාලි රාජ්‍යයේ සිටින එක්සත් ජාතීන්ගේ හමුදාවට අවශ්‍ය වන්නේ කිලෝග්‍රෑම් අටක පිපිරුමකට පවා ඔරොත්තු දෙන යුද ටැංකියේ ඇති බඳ මිලිමීටර් 12ක ඝනකමින් යුත් තහඩුවෙන් නිෂ්පාදනය කළ ඒවා වන අතර, එහෙත් මිලදී ගැනීම සඳහා යන යුද ටැංකියේ බඳෙහි තහඩුව මිලිමීටර් 6ක් බව වාර්තා වේ.
මීට මාසයකට පෙර මාලිහිදී දුරස්ථ පාලක පිපිරුමකට හසුව යුද ටැංකියක සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර්වරයකු හා සෙබළකු නැති වූ අතර තිදෙනකු තුවාල ලැබීය.
කෙසේ වෙතත් මෙම යුද ටැංකි මිලදී ගැනීම කඩිනමින් සිදු කිරීමට සැලසුම් කර ඇති අතර එහි තත්ත්වය සොයා බැලීම සඳහා සිව් දෙනකුගෙන් යුත් හමුදාවේ නිලධාරීන් කණ්ඩායමක් චෙක් ජන රජයට යාම සඳහා අවශ්‍ය අවසරය ලබා ගැනීම සඳහා පසුගිය 18 වැනි දින ආරක්ෂක ලේකම්වරයා වෙත ලිපියක්ද යවා ඇති බව වාර්තා වේ.
සුගන්ධි බස්නායක
අරුණ

