Advertisement

මාකඳුරේ මධුෂ් ඩුබායි හි දී අත් අඩංගුවට පත් වීමත් සමග ඔහුගෙන් ඩුබායි පොලීසියේදී වමාරවන ලද තොරතුරු අනුසාරයෙන් ඔහුට සම්බන්ධතා ඇති තවත් අපරාධකරුවන් ගණනාවක්ම අත් අඩංගුවට පත් විය. ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවෙන් වන “ඔළු මරා” හෙවත් ශානක මධුෂාන් සහ 11 දෙනෙකු අත් අඩංගුවට පත් වූයේ ඊයේ දිනයි. එසේම අංගොඩ ලොක්කා හෙවත් චන්දන වසන්ත පෙරේරා ඩුබායි හිදී අත් අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත් අඩංගුවට පත් වූවන් ඇතුළු ශ්‍රී ලංකාවේ සියලුම අපරාධකරුවන්ට එරෙහිව ඇති අපරාධමය සාක්ෂි ලිඛිතව ගබඩා කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මධ්‍යම තොරතුරු ලිපි ගබඩාවේ ය. එය කොළඹ 07 පිහිටි අධි ආරක්ෂිත කාමර පරිශ්‍රයක පිහිටා ඇත. එය ඉතා රහසිගතව පවත්වාගෙන යන අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ අවසර ලත් නිලධාරීන් හැරුණ විට පිටස්තරයින්ට එය අසළටවත් යාමට ඉඩ ලැබෙන්නේ නැත.


මෑතකදී අත් අඩංගුවට පත් වූ සියලුම නමගිය අපරාධකාරයන්ට අදාල එම අපරාධ සාක්ෂි සහිත ලිපිගොනු එකී ගබඩාවෙන් අයථා අයුරින් ලබාගෙන සිය නීතීඥයින් සහ සමීපතම පාතාලකරුවන් වෙත ලබා දීම මධුෂ්ගේ අනියම් බිරිඳ විසින් සිදුකරවමින් පවතී.

එම ලිපිගොනු මධුෂ්ගේ පිරිස වෙත ලැබුණ විට, අපරාධකරුවන්ට එරෙහිව ඇති සියලුම සාක්ෂි වලට එරෙහිව ආරක්ෂාවීමට හැකියාව ලැබේ. උදාහරණ ලෙස ඔවුන්ට එරෙහිව සාක්ෂි දෙන පුද්ගලයින්ව බිය වද්දා අඩපණ කිරීම, අත් අඩංගුවේ ඇති කුඩු තොග අතුරුදන් කිරීම, එම සාක්ෂි වලට එරෙහිව ප්‍රති තර්ක හැදීමට නීතීඥයින්ට අවශ්‍ය තරම් කාලය ලැබීම, කුඩු සල්ලි යොදවා රජයේ සාක්ෂිකරුවන්ව මිලට ගැනීම, විකිණෙන්නේ නැති අයව පරලොව යැවීම ආදී ලෙස.එහි ප්‍රතිඵලය වන්නේ එම අපරාධකාරයින්ට එරෙහිව නඩු පවරා දඬුවම් ලබා දීමට ප්‍රමාණවත් සාක්ෂි නැති වී යාමයි. තමන්ට එරෙහිව නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුවට හැකියාවක් නැති බව එම අපරාධකරුවන්ට අවබෝධ වූ විට, ඔවුන් මධුෂ්ට එරෙහිව වචනයක් උසාවිය ඉදිරියේ හෙළි කරන්නේ නැත. එනම් මේ ක්‍රියාන්විතයේ අවසන් ඉලක්කය වන්නේ මධුෂ්ව දඬුවම් දීමට කියා ශ්‍රී ලංකාවට එන ඒම සහ, ඔහුට එරෙහිව සාක්ෂි ප්‍රමාණවත් නැති බව පවසා පසුව නිදහස් කිරීමයි. මේ වන විට එම ලිපිගොනු වලින් සැලකිය යුතු ප්‍රමාණයක් මධුෂ්ගේ පිරිස අතට පත් වී ඇති අතර තවත් ලිපිගොනු කිහිපයක් ලැබෙමින් පවතියි.

මෙම ක්‍රියාන්විතයේ මහ මොළකරු වන පසුගිය දා ඩුබායි සාදයේ සිට පසුව නිදහස් වුණ මධුෂ්ගේ අනියම් බිරිඳ යනු මීට කලකට පෙරදී මැගසින් බන්ධනාගාරයේ සිදුවූ වෙඩි තැබීමකදී මිය ගිය තවත් පාතාල නායකයෙකුගේ බිරිඳ යි. පසුව මාකඳුරේ මධුෂ් විසින් ඇයව හොර අඹුව ලෙස තබාගෙන ඇත්තේ, ක්ශේත්‍රය පිළිබඳව ඇයට ඇති සුවිශේෂී දැනීම සහ ඉහළ සම්බන්ධතා හේතුවෙනි.

මධ්‍යම තොරතුරු ලිපි ගබඩාවෙන් එකී ෆයිල් ලබා ගැනීම සඳහා රු කෝටි 8 කට වඩා කුඩු සල්ලි වියදම් කර ඇති අතර, මේ සඳහා දායකත්වය ලබා දෙන අයෙකුට මුදලින් රු ලක්ෂ 20 පමණ අල්ලස් ලබා දී ඇත. ඔවුන් සම්බන්ධ කර ගැනීමට යොදාගෙන ඇත්තේ කොලඹ රාත්‍රී සමාජ ශාලා වල සිටින සුරූපී තරුණියන් ය.

ශ්‍රී ලංකාවේ ඇති රාත්‍රී සමාජ ශාලා වලට එන ඉහළ පන්තියේ ගනුදෙනුකරුවන්ට එක්ස්ටසි සහ කොකේන් ඇතුළු තහනම් මත් ද්‍රව්‍ය විකිණීම කරන්නේ මෙම සුරූපී තරුණියන් යොදාගෙන යි. මධුෂ්ගේ අනියම් බිරිඳට ඇති ක්ෂණිය සම්බන්ධතාවය වන්නේ මෙම සුරූපිනියන් වන අතර, ඔවුන් යොදා ගනිමින් මධ්‍යම තොරතුරු ලිපි ගබඩාවේ තොරතුරු පිට කර ගැනීම සිදුකරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements