Advertisement

කොස් මල්ලිගේ බෙල්ල කඳෙන් වෙන්කරන්නම තීරණය කළා

සර්... රිස්කාන් මුස්ලිම් මිනිහෙක් වුණාට ඌ මට මගේම සහෝදරයෙක්

මෙරට පාතාලයේ වර්තමාන ගෝර්ඞ් ෆාදර් ලෙස හැඳින්වූයේ මාකඳුරේ මධුෂ්ය. පසුගිය කාලය පුරාම මාකඳුරේ මධුෂ්ගේ නියෝග උපදෙස් මත මෙරට සිදුවූ දරුණු අපරාධ ප‍්‍රමාණය අති විශාලය.මෙරට පාතාලයේ ගෝර්ඞ් ෆාදර් මෙන්ම හෙරොයින් ජාවාරමේ අගරජු ලෙස සිටියේද මාකඳුරේ මධුෂ්ය.

මධුෂ් අත්අඩංගුවට පත්ව වසරකට අධික කාලයක් රඳවා සිටියේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේය.

ඒ කාලසීමාව තුළ මධුෂ්ගෙන් ප‍්‍රශ්න කිරීම්වලින් කිසිවක් අනාවරණය කරගෙන තිබුණේ නැහැ. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මධුෂ් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දෙන්නේ ඉන් පසුවය. අපරාධ කොට්ඨාසය තුළ ප‍්‍රශ්න කිරීම්වලදී මාකඳුරේ මධුෂ් තමන් සිදුකළ අපරාධවලට අදාළ තොරතුරු රැසක් අනාවරණය කළේය.
ඩුබායි සිට මෙරටට ගෙනැවිත් විමර්ශන සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර යටතේ රහස් පොලිසියේ රඳවා සිටි මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයාට රහස් පොලිසිය තුළදී විශේෂ වරප්‍රසාද ලබාදීමේ සිද්ධියක් හෙළිවීම නිසා මධුෂ් ගැන යළි විමර්ශන ඇරඹීමට රජයේ අවධානය යොමුවී ඇත.
මිහිපිට විසෙන් අධිකම සත්ත්වයා මිනිසා යැයි කියැවේ. ඒ අතරින්ද පිරිමියාට වඩා ස්ත්‍රිය විසෙන් අධික බව කාන්තා සනුහරය පවා පිළින්නා සත්‍යයකි. කාන්තාව මූලික වී යුද්ධ ඇති වූයේ රාම - රාවණ සමයේ පටන්ය. සන්සුන්ව සිතා බලන්නේ නම් සෑම විනාශයකම කෙළවරක සිටින්නේ ස්ත්‍රියකි. රටේ පුවත් මැවූ, කෝටි දහසකට වැඩි වත්කම් ඇතැයි කියැවෙන මාකඳුරේ මධුෂ්ටද දැන් තවත් හිසරදයක් පාත් වී ඇත. ඒ මාකඳුර මධුෂ්ගේ නීත්‍යනුකූල බිරිය රෝගී දරුවකු සමඟ දුක් විඳිද්දීය. තමන්ගේ ලෙයින් උපන් දරුවා හා බිරිය පසෙක දමා පොත්තේ රත නිසා මධුෂ් මෙරටින් රැගෙන ගිය කාන්තාවම මධුෂ්ගේ දෑතට විලංගු රැගෙන ආවාය. මධුෂ් කරා එන්නට පෙර ඇය නිසා ඇගේ මවුපියන් පාරට වැටිණි. මධුෂ්ට පෙර ඇගේ සැමියා වූ පිරිමියාට අනුන්ගේ හෙරොයින්වලට සිපිරිගත වී, සිපිරිගෙදරදීම මියයන්නට සිදුවිය. අවසානයේ නම හැරෙන්නට වෙනත් කිසිදු ඡායාරූපයක්, තොරතුරක් හෝ නොමැතිව සිටි පාතාල නායක මධුෂ්ටද විලංගු දාගන්නට සිදු විය. දැන් ඇගේ අලුත්ම ගොදුර මධුෂ්ගෙන්ම පාතාලයේ අත්පොත් තැබූවකුය. ඒ අංගොඩ ලොක්කාය.

ඇය නමින් දිලිනි ඉෂාරාය. එකල දුටුවන් මන බන්දන රූපයකින් හෙබි ඇය, මහරගම හොල්ලාගෙන සිටි පාතාල කල්ලි නායකයකු වන කළු තුෂාරගේ විවාහක බිරියය. කළු තුෂාර හෙවත් තුෂාර චන්දන යනු වාර්තා පොත් අනුව නම් මිනීමැරුම් හා මත්ද්‍රව්‍ය චෝදනා රැසකට කරගැසූවෙකි. කළු තුෂාරගේ නීත්‍යනුකූල බිරිය වන දිලිනි ඉෂාරා මධුෂ්ගේ අනියම් බිරිය බවට පත්වන්නේ 2012 වසරේ නොවැම්බර් 09 වැනිදා වැලිකඩ බන්ධනාගාර ගැටුමේදී මරුමුවට පත්වූ රැඳවියන් අතර කළු තුෂාරද සිටි බැවිනි. කළු තුෂාරගේ මරණින් පසු අසරණ වන දිලිනි ජීවත් වීමේ අරගලයට මුහුණ දෙන්නේ සිය සැමියාගේ අඩි පාරේ යමිනි. ඇයට කන්නට බොන්නට දෙන්නට දරුවකුද විය. ඇය මත්කුඩු ජාවාරම් කළාය. මහ පරිමාණ බූරු පොළවල්ද සංවිධානය කළාය.
පසුගිය කාලසීමාවේ රටපුරා සිදුවුණු සාහසික මිනිස් ඝාතන, මහා පරිමාණ කොල්ලකෑම්, හෙරොයින් ජාවාරම්, දරුණු ගණයේ අපරාධ සිද්ධීන් 23 ක් සම්බන්ධයෙන් මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රශ්න කිරීම් සිදුකර ඇත. මේ අතර මාකඳුරේ මධුෂ්ගේ ප‍්‍රධානත්වයෙන් සිදුකළ මහා පරිමාණ හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ සහය ලබාගැනීමට කටයුතු කරන බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 
අද උදැසන කටුනායකදී අත්අඩංගුවට පත් මාකඳුරේ මදුෂ් මේ වනවිට රහස් පොලිස් අත්අඩංගුටෙව් ප්‍රශ්න කිරීමට යොමු කරැන බව ගොසිප්99 අප ඔබට සදහන් කලා. 

මාකදුරේ මදූෂ් විසින් ඉදිරිපත් කළ N 5480656 දරන ගුවන් ගමන් බලපත්‍රය අනුව ඔහු ගම්පහ ප්‍රදේශයේ පදිංචි වර්ණකුලසූරිය අජිත් එරංග නමින් පෙනී සිටි අතර, ඔහුගේ උපන් දිනය ලෙස එහි 1979.02.20 දක්වා තිබුණා.
ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගැනුණු මෙරට ප්‍රධානතම සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමරසිංහ ආරච්චිලාගේ මදුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර දිවයිනට එවීමෙන් පසු කටුනායකදී CID භාරයට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අද අලුයම 5.00ට පමණ ඔහු දිවයිනට පැමිණි බවයි.

දකුණු පළාත් සභා හිටපු අමාත්‍ය ඩැනී හිත්තැටිය මහතා ඝාතනය කිරීම ඇතළු ඝාතන චෝදනා රැසකට සම්බන්ධ මාකඳුරේ මධුෂ් මත්ද්‍රව්‍ය ජාවාරම් රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින්නෙකි.
රැඳවුම් නියෝගමත කොළඹ වරාය භූමියේ අධි ආරක්ෂිත කුටියක රඳවාගෙන කංජිපානි ඉම්රාන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී පසුගිය සමයේ මෙරට සිදුවූ ඝාතන රැසක සුලමුල හෙලිව තිබේ. ඒ අනුව ඩුබායිහි අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මදූෂ්ට අයත් බව පැවසෙන කුළී පදනම මත වාහන ලබා දෙන ආයතනයක් පිළිබඳ තොරතුරු වාර්තා වී තිබේ.
මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා හොර රහසේම වෙනත් රටකට පලා යෑමේ සැලසුමක් කි‍්‍රයාත්මක කරමින් සිටින බවට තොරතුරු ශී‍්‍ර ලංකා පොලිසියේ බුද්ධි අංශ වෙත ලැබී ඇත. 

ඩුබායි රාජ්‍යයේ සිටින මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳ ඇතුළු පාතාල සගයන් පිරිසක් විසින් මෙම සැලසුම සකස් කර ඇති අතර මේ වනවිට එය කි‍්‍රයාවට නංවා ඇති බව ද වාර්තා වේ.

මාකඳුරේ මධුෂ්, ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු පුද්ගලයන් 20 දෙනෙක් පමණ මේ වනවිට ඩුබායි රාජ්‍යයේ අල් රෆා පොලිසියේ රඳවා සිටිති. ශී‍්‍ර ලංකා පොලිසිය සහ ප‍්‍රති විරුද්ධ පාතාල කල්ලි තම ජීවිතයට විශාල තර්ජනයක් එල්ල කර ඇති බැවින් තමන් ශී‍්‍ර ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලමින් මාකඳුරේ මධුෂ් ඩුබායි අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව ද එරටින් ලැබෙන වාර්තා පවසයි. 
ඩුබායි අත්අඩංගුවේ සිටින මාකදුරේ මධුෂ් මෙරටට පිටුවහල් නොකරන ලෙස ඉල්ලා මධුෂ් එරට මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කැර ඇති බව එම කටයුතුවලට සම්බන්ධ වී සිටින මෙරට නිතිඥවරයකු පවසයි.
ලංකාවේ පාතාල මර්දනය ආණ්ඩුවෙන් ආණ්ඩුවට, කාලයෙන් කාලයට එක එක විදිහට ක්‍රියාත්මක වෙයි. එහෙත් අද වනතෙක් පාතාලය සම්පූර්ණයෙන් මර්දනය කිරීමට කිසිදු රජයකට හැකියාවක් ලැබී නැත. ඔන්න මර්දනය කළා මෙන්න මර්දනය කළා කීවත් කාලයත් සමඟ පාතාලයෝ කරළියට එන්නේ ගුල්වල සැඟවී සිටින නයි පොළොඟුන් මෙනි. එසේ පැමිණ එළව එළවා පහරදෙන්නේ ඔවුන් එකී වළට තල්ලු කළ උන්ගෙත් උන්ගේ පැවැත්මට අභියෝග කළ උන්ටත් එක්කමය. මේ නිසා දැන් මුළු රටම අපරාධ ලෝකයක් බවට පත්ව ඇත. එක පැත්තකින් කුඩුය. අනෙක් පැත්තෙන් මිනීමැරුම්ය. මේ සියල්ල මැද පාතාලයෝ රඟ දෙති.
පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් සහ ඔහුගේ සමීපතම ගෝලයා බව කියන කැළුම් ඉන්දික සමඟ කිට්ටු සම්බන්ධතා පවත්වන පොලිස් නිලධාරීන්, බන්ධනාගාර නිලධාරීන්, දේශපාලනඥයන්, ධනවත් ව්‍යාපාරිකයන් ඇතුළු තවත් පුද්ගලයන් තුන්සියයකට ආසන්න පිරිසක් පිළිබඳව තොරතුරු පොලිසිය වෙත ලැබී ඇත.
මාකදුරේ මධුෂ්ගේ ප්‍රධානතම ගෝලයා ලෙස සැලකෙන අත්අඩංගුවට පත් කැලුම් ඉන්දික හෙවත් ලෝකල් මධුෂ් නැමැත්තා සතුව තිබී ජංගම දුරකතන 132ක් සොයා ගෙන ඇති අතර, එමඟින් ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත් වු සිය ගණනකගේ අනන්‍යතාවයන්ද හෙළි කැර ගැනීමට කැලණිය කොට්ඨාශ අපරාධ ඒකකය සමත් වී තිබේ.

මේ අතර පන්නිපිටිය ව්‍යාපාරිකයාගෙන් සොරකම් කරන ලද රුපියල් කෝටි හත්සියයක් පමණ වටිනා දියමන්තිය මෙරටින් පැන්න වීම සම්බන්ධව දැනට අත්අඩංගුවේ පසුවෙන ලෝකල් මධුෂ් ලෙස හදුන්වන කැලුම් ඉන්දික නොහොත් කැලුම් ,මධුෂ් සමඟ දිනපතා දුරකතනයෙන් කතා කැර ඇති බවත් එම දියමන්තිය සමඟ අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කොළඹ උතුර කැළණිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ පරීක්ෂණවලින් අනාවරණය කැර ගෙන තිබේ.
ඊයේ (01) පිළියන්දලදී පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගැණුන සංවිධානාත්මක අපරාධකරු මාකඳුරේ මදුෂ්ගේ ගෝලයන් දෙදෙනාගෙන් කෙනෙකු මධුෂ්ගේ පරිගණක තාක්ෂණික උපදේශකයා බව සොයාගෙන තිබේ.
ඩුබායිහිදී අත්තඩංගවට පත්  පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගේ කල්ලියේ වෙඩික්කරුවකු ලෙස හැඳින්වෙන පාතාල සාමාජිකයකුට අයත් කඹුරුපිටියේ පිහිටි නිවසක් ඊයේ (25 දා) වැටලූ මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය එහි තිබී යුද හමුදා නිල ඇඳුම් කට්ටල, ජීව උණ්ඩ, මාංචු කුට්ටමක් අත්අඩංගුවට ගෙන ඇත. 

යුද හමුදා සෙබළකු වන මෙම පාතාල සාමාජිකයා මේ වනවිට සැඟව සිටින අතර පොලිසිය මගින් ඔහුගේ පියා ද අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය වසරේ අගෝස්තු මාසයේ එක්තරා දිනයකි. බොරැල්ල නගරයේ පිහිටි සුපිිරි මහල් නිවාසයක උඩු මහලේ පිහිටි නිවසක් වෙත මැණික් ව්‍යාපාරිකයන් කීප දෙනකු පැමිණ සිටියහ. මේ මැණික් ව්‍යාපාරිකයන් පිරිස පැමිණ සිටියේ ශ‍්‍රී ලංකාවේ මෑතකදී අලෙවි කිරීමට සූදානම් වන ඉහළම වටිනාකමෙන් යුත් දියමන්තිය පරීක්‍ෂා කිරීමටය. කැරට් 720 ක බරින් යුත් මේ දියමන්තිය තක්සේරු කර තිබුණේ රුපියල් කෝටි 500 ක මුදලකටය. දියමන්තියේ හිමිකරු වූයේ ජයේ මුදලාලිය. ඔහු දියමන්තිය රැගෙනවිත් තිබුණේ තම පුත‍්‍රයාද සමගය.
එකම මාතෘකාවක් ගැන සති කීපයක් තිස්සේ මුළු රටම කතා කළ අවස්ථාවක් පිළිබඳ මෑත ඉතිහාසයේ අපට මතකයක් නැත. මුළු රටටම පිළිලයක් බවට පත්ව සිටි මාකඳුරේ මධුෂ් නමැති පාතාල මැරයා මේ මෑත ඉතිහාස කතාව වෙනස් කළේය. පාතාල නායක මධුෂ් ප‍්‍රවෘත්ති මවන්නකු බවට පත්ව සිටියි. 

ඉකුත් සති දෙකක කාලය පුරාම රටේ ප‍්‍රධාන පෙළේ පුවත්පත් සියල්ලේම ප‍්‍රධාන සිරස්තලය සැරසී තිබුණේ මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා ගැනය. විද්‍යාුත් මාධ්‍ය ප‍්‍රවෘත්තිවල ප‍්‍රධාන පුවත වූයේ ද මධුෂ් ගැනය. මධුෂ් සංවිධානය කළ උපන්දින සාදය පිළිබඳවය. 

මධුෂ් නමැති පාපතරයා පිළිබඳ උණුසුම් පුවත් දැන ගැනීමට ජනතාව තුළ තිබුණේ ද පුදුමාකාර උනන්දුවකි. උෙද්‍යාා්ගයකි. ඒ නිසාම ඇතැම් මාධ්‍ය ඔස්සේ මෙන්ම සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ ද ගල් පැලෙන බොරු ප‍්‍රවෘත්ති එක සීරුවට ප‍්‍රචාරය වුණේය. 
පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසට පොලිස් වෙසින් කඩාවැදී සොරාගත් රුපියල් කෝටි 700කට අධික වටිනාකමකින්, යුත් නිල් දියමන්තිය ඇතළු මැණික් තොගය මෙරටින් පිටකිරීම සඳහා රේගුවේ නිලධාරියකු සම්බන්ධ වී ඇති බව, විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.
ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින පාතාල නායක මාකඳුරේ මධූෂ් ගේ බැංකු ගිණුම් 23 ක රුපියල් කෝටි දාහකට වැඩි මුදලක් ඇතැයි පොලිසිය සදහන් කරයි.

මධුෂ්ගේ වත්කම් සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදුකරමින් පවතින විශේෂිත විමර්ශනයකදී යුතු මේ බව හෙළිව තිබේ.
ඩුබායිහිදී මාකඳුරේ මදුෂ් අත්අඩංගුවට පත්වීමෙන් පසුව ඔහුගේ ගෝල බාලයින් මෙන්ම ඥාතීන්ගේ සබඳතා සොයමින් පොලිස් මෙහෙයුමක් අරඹා තිබේ. මෙයට අනුව පසුගිය එකොළොස් වැනිදා විශේෂ තැනැත්තියක දකුණ සහ සබරගමුව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන සිය කාර්යාලයට කැඳෙව්වේය. ඇය මධුෂ්ගේ නීත්‍යනුකූල බිරිය ගයානි මුතුමාලිය.

ඇය වාසය කළේ කඹුරුපිටිය මාවරල පොලිස් වසමේ මාකඳුරේ වටේවෙල, මහගෙදරවත්තේය. ගයානි මුතුමාලි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සිය ජීවිත කතාව සැකෙවින් පවසා සිටියාය. ඇය කී කතාව මෙසේය.

“අපි දෙන්නම ගියේ එකම පාසලට. එකම පන්තියෙ හිටියේ. නාරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයට ගියේ. මම මාකඳුරේ වටේවෙල. මධුෂ් කඹුරුපිටියේ ගතාරේ.පාසල් සමයේදීම අපි අතරේ පෙම් පළහිලව්වක් තිබුනා. මදුෂ් ඒ දවස්වලත් කඩවසම් තරුණ‍ෙයෙක්. එයාට විශේෂ කාන්තා ආකර්ෂණයක් තිබුණා. අපි හම්බවෙන මුල් කාලෙ ඉඳන්ම මධුෂ්ලයි පවුලට ගොඩක් කරදර ආවා. 1988 - 89 කාලේ දකුණෙ ඉතාම ම්ලේච්ඡ භීෂණයක් තිබ්බෙ. මධුෂ්ගෙ අම්මා 1989 දි මරනවා. ඒත් එක්කම මල්ලිත් මාතර වේල්ල කියන හරියෙ මරලා දාලා තිබිලා මිනිය හමුවෙනවා. මේ මරණ දෙකම මධුෂ්ගේ ජීවිතේට බලපෑවා. එයා ඒවයින් සෑහෙන්න වැටිලා හිටියේ. එයා සමාජයත් එක්ක වෛරයකින් ගතකළේ.
මේ අතරෙ තාත්තා එයාලව දාලා ගිහින් වෙන විවාහයක් කරගත්තා.
නමගිය අපාරාධ රැසකට සහ මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් සැකපිට ශ්‍රිලංකාවේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීම සදහා සොයමින් සිටි පතාල කල්ලි නායක මාකධූරේ මධූෂ් පසුගියදා ඩුබායිහිදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවා .

මේ වනවිට මදුෂ් සම්බන්ධයෙන් නොයෙකුත් ආකාරයේ පුවත් මැවමින් තිබෙනවා . මේ අතර මේ දිනවල කතා බහට ලක් වෙන්නේ මදුෂ් තම මියගිය පියාට පිං පතා ඉදි කරන ලද ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් .

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements