Featured News

Video Gossip

Advertisement

පසුගියදා රටේ ආන්දෝලනයක් ඇති කරමින් ගාල්ල රත්ගම ප්‍රදේශයේ අතුරුදන් වූ ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කර පුළුස්සා සිරුරු කොටස් කැලේකට දමා ඇති බව ඊයේ සවස වනවිට තහවුරු වුණා.මේ සම්බන්ධයෙන් අතුරුදන් දෙදෙනාගෙන් කෙනෙකුගේ බිරියට ලැබුණ නිර්නාමික ලිපියේ සඳහන් වූ ආකාරයටම සියල්ල සිදුවී ඇති අතර ඝාතන සිදු කළ පොලිසියේ නිලධාරීන් දෙදෙනා මේ වනවිට අත්අඩංගුවේ පසුවෙති. ඔවුන් කළ පාපොච්චාරණය අනුව ඝාතනය සිදු කළ නිවසත් ඔවුන්ගේ පිලිස්සූ සිරුරු කොටස් විසි කර දැමූ කැලයත් අද පරීක්ෂාවට ලක් කරන්නට හැකිවිය.

ගාල්ල බූස්ස රත්නඋදාගම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි මංජුල අසේල හා 31 හැවිරිදි රසේන් චින්තක නම් ව්‍යාපාරිකයින් දෙදෙනා පසුගිය ජනවාරි 23 වැනිදා පෙරවරු 10ට පමණ මෝටර් රථයකින් හා වෑන් රථයකින් පැමිණි පොලිස් නිල ඇඳුමින් සැරසි පිරිසක් විසින් රැගෙන ගිය බවට ඥාතීන් දන්වා තිබුණි.දෙදෙනා නැවත නිවෙස් වෙත නොපැමිණිම හේතුවෙන් ඥාතින් පොලිස් ස්ථාන කිහිපයකටම පැමිණිලි කර තිබු පසුබිමක ව්‍යාපාරිකයින්ගේ ඥාතින්ට පසුගිය 6 වැනිදා ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් ලැබී තිබූණි.

එහි සඳහන්ව තිබුණේ දකුණු පළාත් විශේෂ ඒකකයේ ස්ථානාධිපති රෝහණ හා පොලිස් පරීක්ෂක නිශාන්ත ඇතුළු කණ්ඩායමක් මොවුන් රැගෙන ගිය බවයි. මංජුල අසේල නමැත්තා වෘත්තියෙන් කුකුළු මස් වෙළඳාමේ නිරත වන අතර රසේන් චින්තක නැමැත්තා වෘත්තියෙන් මත්ස්‍ය වෙළඳාමේ නිරත වන්නෙකි. කෙසේ වෙතත් ඊට අමතරව රහසිගත ලෙස මොවුන් දෙදෙනා කලක පටන් ගිනි අවි කුලියට සැපයීමේ ජාවාරමකද නිරතව සිට ඇති අතර ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ජනවාරි 23 වැනිදා දකුණු පළාත් විශේෂ ඒකකයේ නිලධාරින් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.
මොවුන් සතුව ටි56 වර්ගයේ ගිනි අවි 4 ක් හා පිස්තෝල 3 ක් තිබි ඇති අතර පසුගිය කාලයේ දකුණු පළාතේ සිදු වු අපරාධ රැසකට යොදා ගෙන ඇත්තේ ද මෙම ගිනි අවි බවද වාර්තාවී තිබුණි.

ව්‍යාපාරිකයින් දෙදෙනාගෙන් ප්‍රකාශ ලබා ගන්නා අතරතුරදි සිදු කළ පහරදිම්වලින් එක් අයෙක් ජීවිතක්ෂයට පත් වි ඇති අතර සාක්ෂි වසන් කිරිමේ අරමුණින් අනෙක් පුද්ගලයා ද පොලිස් නිලධාරින් විසින් ඝාතනය කර ඇති බව හෙළිව තිබේ.
මේ ගැන අතුරුදන් දෙදෙනාගේ බිරියන් පොලිසියට ගොස් විමසූවද ඇත්ත හෙළි කර තිබුනේ නැත. ඔවුන් රස්තියාදු කර මගහැරීමේ ප්‍රතිපත්තියක පොලිසිය සිටි බව පැවසුණි.
ව්‍යාපාරිකයින්ගේ ඥාතින්ට ලැබුණ ලිපිය ජනමාධ්‍ය වෙත යොමුවීමෙන් පසු ඒ ගැන දිගින් දිගටම මාධ්‍ය වාර්තා පළ විය.

මෙවන් පසුබිමක පොලිස්පතිවරයාට තීරණයක් ගත යුතුවිය. ඔහුගේ නියෝග මත ඉකුත් 13 වැනිදා සිට මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන පරික්ෂණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරුණි.


මෙලෙස පරීක්ෂණ සිදු කෙරෙන අතරතුරදි දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානය වෙත තාවකාලිකව මාරු කර යැවිණි.
ඉකුත් 18 වැනිදා පස්වරුවේ දකුණු පළාත් විශේෂ ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා ගාල්ලේදි අත්අඩංගුවට ගත් අතර ඊයේ 22 දිනයේදි දකුණු පළාත් විශේෂ ඒකකයට අනියුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු වන විරාජ් මදුසංක නමැති අයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ව්‍යාපාරිකයින් මරා දැමූ බවත් දෙදෙනාගේ මළ සිරුරු පුළුස්සා දමන ලද බවත් පිළිගෙන තිබේ.

එම අපරාධ සිදු කළ ස්ථානද ඊයේ(22) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සොයාගනු ලැබීය.
මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා රඳවා තබා ගෙන සිට පසුව ඝාතනය කළ බවට සැකකෙරෙන ගාල්ල අක්මීමන ගොනාමුල්ල කුඩා කඳුගැටයක පිහිටි අත්හැර දැමු නිවසක්ද ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුලවෙල මහතා විසින් පරික්ෂා කරනු ලැබුවේය.
එහිදි මෙම ව්‍යාපරිකයින් දෙදෙනා එම ස්ථානයේ රඳවා සිටි බවට සාක්ෂි හමුවි ඇත.
ව්‍යාපාරිකයින් දෙදෙනාගේ යැයි සැක කෙරන ගිනි තබා පුළුස්සන ලද අස්ථි කොටස් වලස්මුල්ල මැදගංගොඩ උඩදෙණිය රක්ෂිතයේ තිබි සොයා ගෙන තිබේ.
අදාළ අස්ථි කොටස් වලස්මුල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් , රජයේ රස පරික්ෂක හා මාතර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පැමිණ පරික්ෂාවට ලක් විය.පොලිසිය සඳහන් ක‍ළේ එම ස්ථානයේ තිබි හිස කෙස් හා අස්ථි කොටස් විශාල ප්‍රමාණයක් හමු වු බවයි. 

ඝාතනයට සම්බන්ධ අනෙක් නිලධාරීන් ගැනද පොලිසියේ අවධානය යොමුව පවතී.







gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements