ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස අද (22) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ ඒ මහතා දිවුරුම් දුන්නේය.
මෙතෙක් මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ මංගල මංගල සමරවීර මහතා අද (22) පස්වරුවේ සිට ජනමාධ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
රුවන් විජයවර්ධන මහතා ජනමාධ්‍ය ( කැබිනට් නොවන) අමාත්‍යංශය ලැබී ඇත්තේ ඒ මහතා දැනට දරණ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයට අමතරවය.
කිසියම් අමාත්‍යංශයකට කැබිනට් අමාත්‍යවරයකු නොමැති අවස්ථාවක එම කැබිනට් අමාත්‍ය ධූරයේ වගකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අග්‍රාමාත්‍යවරයාට හිමිවේ.

