Featured News

Video Gossip

Advertisement

දකුණු අප්‍රිකාව සමග පැවති දෙවන ටෙස්ට් තරගය කඩුලු 8 කින් ජය ගනිමින් ශ්‍රී ලංකා පිළ ඓතිහාසික ජයක් ජයග්‍රහණයක් වාර්තා කිරීමට අද (23) සමත් වුවා. ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායම ඔවුන්ගේ මව්බිමේදී ටෙස්ට් තරගාවලියක් පරාජය කරන ලද පළමු ආසියානු රට ලෙසයි. එමෙන්ම මෙය ශ්‍රී ලංකාව විසින් දකුණු අප්‍රිකාවේදී වාර්තා කරන ලද පළමු ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයද මෙය වනවා.

ලකුණු 197 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන් ඊයේ (22) දිනයේදී තරගය නතර කරන විට කඩුලු දෙකක් දැවී ලකුණු 60 ක් ලබා සිටියා. අද දිනයේ දී තරගය ආරම්භ කරන විට ජයග්‍රහණය සඳහා තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 137 ක් පමණි.

තරග කිහිපයකදී ආසාර්ථක භාවයක් පෙන්නුම් කළ කුසල් මෙන්ඩිස් (84) සිය වගකීම කරට ගනිමින් ඕෂද ප්‍රනාන්දු (75) සමග එක්ව තුන්වන කඩුල්ල වෙනුවෙන් නොබිදිනු ලකුණු 163 ක සම්බන්ධතාවක් පැවැත්වුවා.

තරගයේ විස්තර විචාරයේ යෙදුනු ජාත්‍යන්තර විස්තර විචාරකයින් කියා සිටියේ දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම පිලිබදව අවතක්සේරුවට ලක් කිරීම ඔවුන්ගේ පරාජයට හේතුවූ බවයි. එමෙන්ම විශ්ව ප්‍රනාන්දු, ඕෂද ප්‍රනාන්දු, ලසිත් ඇඹුල්දෙණිය වැනි නවක ක්‍රීඩකයින් ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා පිල පසුගිය නවසිලන්ත හා ඔස්ට්‍රේලියා සංචාරයන් හිදී ලද පරාජයන් සමග මේ වන විට දක්වන දක්ෂතා සම්බන්ධයෙන් තමන් විමතියට පත්වන බව කියා සිටියා.

තරගයේ වීරයා ලෙස කුසල් මෙන්ඩිස් සම්මාන දිනු අතර තරගාවලියේ විරයා ලෙස කුසල් ජනිත් පෙරේරා සම්මාන දිනා ගනු ලැබුවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements