Advertisement

පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසට පොලිස් වෙසින් කඩාවැදී සොරාගත් රුපියල් කෝටි 700කට අධික වටිනාකමකින්, යුත් නිල් දියමන්තිය ඇතළු මැණික් තොගය මෙරටින් පිටකිරීම සඳහා රේගුවේ නිලධාරියකු සම්බන්ධ වී ඇති බව, විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙම සිද්ධියේ සැකකරුවන්ගේ ජංගම දුරකතනවල අඩංගු වී තිබු ඡායාරූප සහ වීඩියෝ දර්ශනවල මෙම රේගු නිලධාරියාගේ ඡායාරූපය ද සටහන් වි ඇති බව වීමර්ශනවලදී හෙළි වී ඇතැයි වාර්තා වේ.

සොරාගත් නිල් දියමන්තිය සහ මැණික් තොගය තවත් කීප දෙනකුගේ ආධාර උපකාර ඇතිව මෙරටින් පිටකර ඩුබායිහි සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් වෙත යවා ඇති බවද අනාවරණය වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සොරකම් සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් ඉකුත් නොවැම්බර් මස 17 වැනිදා අත්අඩංගුවට ගනු ලැබු 57 හැවිරිදි රවීන්ද්‍ර නාලක රණසිංහ
හෙවත් ''ලොකු අයියා'' නමැති සැකකරුගේ ජංගම දුරකථනයේ තිබු ඡායාරූප සහ ඉමෝ තාකෂණයෙන් ලබාගත් වීඩියෝ දර්ශනවලින් සොරකමට අදාළ තොරතුරු අනාවරණය වී ඇති බවද එම පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයෙන් හුණුපිටිය වෙඩිකන්දේදී පෙරේදා (19) අත්අඩංගුවට ගනු ලැබු මෙම සිද්ධියේ තෙවැනි සැකකරු වන කසුන් ධනංජය හෙවත් ''වෙඩිකදේ කසුන්'' නමැත්තාද දියමන්ති සොරකම සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රාශියක් අනාවරණය කර ඇතැයි දැනගන්නට තිබේ.


-නිමන්ති රණසිංහ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements