Featured News

Video Gossip

Advertisement

2015 වසරේ රටේ ඇති වූ වෙනසත් සමඟ එක්සත් ජාතික පක්ෂය රට තුල ගැන හිතලා, ජාතික ආණ්ඩු වැඩ පිලිවෙලකට එක් වුණා. රටක් වෙනස් කිරීමට යන විට ප්‍රශ්ණ ඇති වෙනවා. දිගු කලක් පැවති ක්‍රමවේදයක් වෙනස් කරන විට වාද විවාද ඇති වෙනවා. නමුත් එක්සත් ජාතික පක්ෂය හැමදාම හරි දේ කරන පක්ෂයක් විදියට ජනතාව ගැන හිතලා තීන්දු ගන්නවා. ප්‍රතිලාභ ලබන්න නම් කැපකිරීම් කලයුතු වෙනවා. නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටිමින් ජනතාවගේ ජීවිත වෙනස් කරන්න විශාල කැපකිරීම් කලයුතුව තිඛෙනවා. එම පොදු පරමාර්ථය ඉෂ්ඨ කිරීම වෙනුවෙන් දේශපාලන පක්ෂ පාට අමතක කර එක වේදිකාවකට නැඟීම වෙනුවෙන් තමයි මේ ජාතික ආණ්ඩු සංකල්පය අපි නිර්මාණය කළේ. රටක් ගොඩනැඟීමට නම් එක මතයක් දරාගෙන එක වැඩපිලිවෙලකට යෑම අත්‍යාවශ්‍ය වෙනවා.

ගරු අමාත්‍යතුමා මෙම අදහස් පල කළේ දැදිගම ප්‍රදේශයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පැවරීමේ හා වැඩ ආරම්භ කිරීමේ උත්සව මාලාවකට එක් වෙමිනි. 

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

මේ දිනවල ජාතික ආණ්ඩුව ගැන විවිධ මතවාද විවාද සිදුවෙමින් පවතිනවා. එක්සත් ජාතික පෙරමුණ ජාතික ආණ්ඩු සංකල්පය හැදුවේ විනිවිද භාවයෙන් යුක්තවයි. පාර්ලිමේන්තුවේ සම්මත කල 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සියළු නීති රීති යටතේ පමණයි ජාතික ආණ්ඩුවක් හදන්නේ. කිසිම විටෙක ව්‍යවස්ථාවට පටහැනිව ජාතික ආණ්ඩුවක් හදන්නේ නැහැ. ජාතික ආණ්ඩුවක් හදන්නේ තනි පක්ෂයක් සමඟ නොවෙයි. වර්ථමාන රජය සමඟ එක්ව කටයුතු කිරීමට විශාල පිරිසක් බලාපොරොත්තුවේ සිටිනවා. විවිධ මත දරන අය තේරුම් අරගෙන තිඛෙනවා මේ ආණ්ඩුවට ශක්තිය ලබා දී පොදු වැඩපිලිවෙළක් තුලින් රට ඉදිරියට රැගෙන යායුතු බවට. මේ රට හදන්න නම් පළමුවෙන්ම ඉදිරි කාලය තුලදී රට තුල දේශපාලන ස්ථාවරත්වයත්, දේශපාලන බලයත් ගොඩනඟා රට පිලිබඳ විශ්වාසයක් ඇති කල යුතු වෙනවා. එම විශ්වාසය ඇති කරන්න නම් ජාතික ආණ්ඩු වැඩපිලිවෙල රටතුල ක්‍රියාත්මක කළ යුතු වෙනවා. රටට ආදරය කරන අනෙකුත් පක්ෂවල අයත් ඉදිරියේදී රජයට එක්වීමට නියමිතයි.

පසුගිය ඔක්තෝබර් මාසයේ සිද්ධියත් සමඟ ඇතිවූ දින 51 ආණ්ඩුවෙන් පසුව යලි එක්සත් ජාතික පක්ෂ රජය පිහිට වූ පසු සති දෙකක් තුල මේ රටේ රුපියල යලි ශක්තිමත් වුණා. විදේශීය සංචාරකයන්ගේ පැමිණීම වැඩි වුණා. රටේ ආදයම්, ආයෝජන වැඩි දියුණු වුණා. 
රජය ස්ථාවර වීම හේතු කොටගෙන ආදායම් ක්‍රම වර්ධනය වුනා. ජනතාව තුල, ආයෝජකයන් තුල විශ්වාසය තහවුරු වුණා.

පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලයේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින්, ජාතික ආණAඩු ගැන හිතන්නේ නැතුව හැම කෙනෙක්ම ඇමතිවරු කළා. එදා ඇමති ධුර 98ක් විතර පත් කළා. දේශපාලන පක්ෂ කඩලා භේද භින්න කරලා තමයි එදා ආණ්ඩුව ඇමතිකම් ලබා දුන්නා. එහෙම කරලා තමයි ආණ්ඩුව රැක ගත්තේ. නමුත් එක්සත් ජාතික පක්ෂය එහෙම කරන්නේ නැහැ. පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ ලබා දී රටේ අවශ්‍යතාවය ගැන හිතලයි ක්‍රියාකරන්නේ. විවිධ දේශපාලන පක්ෂවල නියෝජනයකට ඉඩ ලබාදී රට ඉදිරියට ගෙන යෑම වෙනුවෙන් කැප වෙනවා.

මෙම අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements