Featured News

Video Gossip

Advertisement

ඩුබායිහිදී අත්තඩංගවට පත්  පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගේ කල්ලියේ වෙඩික්කරුවකු ලෙස හැඳින්වෙන පාතාල සාමාජිකයකුට අයත් කඹුරුපිටියේ පිහිටි නිවසක් ඊයේ (25 දා) වැටලූ මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය එහි තිබී යුද හමුදා නිල ඇඳුම් කට්ටල, ජීව උණ්ඩ, මාංචු කුට්ටමක් අත්අඩංගුවට ගෙන ඇත. 

යුද හමුදා සෙබළකු වන මෙම පාතාල සාමාජිකයා මේ වනවිට සැඟව සිටින අතර පොලිසිය මගින් ඔහුගේ පියා ද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පාතාල සාමාජිකයා සපුගස්කන්ද ප‍්‍රදේශයේ හමුදා කඳවුරක සේවය කරන අතර පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට යද්දි පළා ගොස් ඇත.

හක්මන ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු දකුණේ මිනිස් ඝාතන රැුසකට මොහු සම්බන්ධ බවට පොලිසිය සිදු කළ විමර්ශනවලින් හෙළි වී ඇත.

මෙම පාතාල සාමාජිකයාගේ නිවසේ තිබී සොයා ගත් මාංචු කුට්ටම රුපියල් කෝටි 700 ක දියමන්ති කොල්ලය සඳහා පාතාල කල්ලිය විසින් භාවිත කළ මාංචු කුට්ටම බව හඳුනාගෙන ඇත.

පළා ගොස් ඇති මෙම පාතාල සාමාජිකයා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 2 ක් පරීක්ෂණ පවත්වයි.

ඔහුගේ නිවසේ තිබී සොයා ගත් යුද හමුදා නිල ඇඳුම් අපරාධ සඳහා යොදා ගැනීමට සූදානම් කර තිබෙන්නට ඇති බව පොලිසිය සැක පළ කරයි.

මාතර දිස්ති‍්‍රක්කය භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න, කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගයන්ත මාරපන යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

දිවයින ඇසුරෙනි

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements