Featured News

Video Gossip

Advertisement

ඉදිකිරීමට නියමිත මෙගාවොට් 300ක ධාරිතාවයකින් යුතු කෙරවලපිටිය එල්.එන්.ජී බලාගාරය ටෙන්ඩර් ක්‍රියාදාමය උල්ලංඝනය කරමින් චීන සමාගමකට පැවරීම නිසා රටට රුපියල් මිලියන 90,000ක පමණ අලාභයක් සිදුවන බව ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගමේ කාර්‍ය මණ්ඩල වෘත්තීය සමිතිය විසින් චෝදනා කරනවා.

එම සංගමය විසින් ඊයේ (20) කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එහි සභාපති සමීර ගනේගොඩ මහතා විසින් මේ බව ප්‍රකාශ කලා.

"ලක්දනවි සමාගම වසර ගණනාවක පටන් දේශීයව සහ ජාත්‍යන්තරව විදුලිබලාගාර ව්‍යාපෘති රැසක් සාර්ථකව ඉදිකල කීර්තිමත් සමාගමක්. සම්පූර්නයෙන්ම දේශීය ඉංජිනේරුවන්ගෙන් සමන්විත සමාගමක්. විවිධ හේතු පවසමින් ලක්දනවි ඉදිරිපත් කල අවම මිල ප්‍රතික්ෂේප කරලා මෙම ටෙන්ඩරය 70% අයිතියක් චීනයට හිමි චයිනා ජී.සී.එල් සමාගමට ලබාදීමට විදුලිබල අමාත්‍යංශය සැරසෙනවා. ඩොලරයේ අගය වෙනස් වීම මත මින් රටට සිදුවන පාඩුව රුපියල් බිලියන 90 පමණ වනවා. මෙය මහබැංකු බැදුම්කර වංචාව වගේ කීප ගුණයක් විශාල වංචාවක්." යනුවෙන් ඒ මහතා එහිදී වැඩිදුරටත් අදහස් පළකරමින් ප්‍රකාශ කලා. 

මෙගාවොට් 300ක ධාරිතාතාවයෙන් යුතු එල්.එන්.ජී බලාගාරයේ ඉදිකිරීම් ටෙන්ඩරය එම ටෙන්ඩරය සදහා අවම මිල ඉදිරිපත්කල දේශීය සමාගමට ලබා නොදී ඊට වඩා ඉහළ මිලක් නියම කල චීන හිමිකාරීත්වයක් සහිත සමාගමට ලබාදීමට අනුමැතිය ඉල්ලා විදුලිබල සහ බලශක්ති අමාත්‍ය රවී කරුණානායක විසින් ඉදිරිපත්කල යෝජනාව පසුගියදා කැබිනට් මණ්ඩලය තීරණය කලා. 

එම තීරණය සම්බන්ධයෙන් සිය විරෝධය පළකිරීම සදහා වෘත්තීමය ඉංජිනේරුවරුන් පිරිසක් විසින් මෙම මාධ්‍ය හමුව පැවැත්විය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements