Featured News

Video Gossip

Advertisement

ශ්‍රී ලංකා වරාය අධිකාරිය, වරාය, නාවික කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය එක්ව සිය සූවිශේෂී පුවත් වෙබ් අඩවිය ''news.slpa.lk'' එළිදැක්වීම අද (21) දින අමාත්‍ය සාගල රත්නාක මහතාගේ ප්‍රධානත්වයෙන්  වරාය, නාවික කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී සිදු කරන ලදි.

ප්‍රවෘත්තියක වටිනාකම දැන හැඳිනගනිමින්, නිවැරදි වූත්, විශ්වාසනීය වූත් ක්‍රමවේදයක් ඔස්සේ වරාය හා සමුද්‍රීය ක්ෂේත්‍රයේ ප්‍රවෘත්ති, විශේෂාංග සහ වරාය ආශ්‍රිත ලිපි සම්පාදනයෙහිලා පුරෝගාමී මෙහෙවරක් ඉටු කිරීමේ පරමාර්ථ පෙරදැරිව මෙම වෙබ් අඩවිය නිර්මාණය කිරීම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සන්නිවේදන හා මහජන සම්බන්ධතා කොට්ඨාශය මගින් සිදු කර ඇත. 

රජය විසින් දියත් කර ඇති සියළුම වරාය ව්‍යාපෘති, නව සංවර්ධන කටයුතු, ජගත් නාවික හා සමුද්‍රීය දර්ශක වල කොළඹ වරාය හා අනෙකුත් වරායයන් ස්ථානගත කිරීම හා කොළඹ වරාය ලැබූ ගෝලීය ජයග්‍රහණ සම්බන්ධ සංවර්ධන ප්‍රවෘත්ති රට තුළ හා ඉන් පිටත සිටින වරාය හා සමුද්‍රීය ක්ෂේත්‍රෙය් වෘත්තිකයන් හට අවශ්‍ය දැනුම තොරතුරු ලබා ගැනීම පහසු කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම ''news.slpa.lk'' හි මුඛ්‍ය අරමුණ වරාය හා නාවික ක්ෂේත්‍රයේ මෙන් ම සමුද්‍රීය ක්ෂේත්‍රයේ නව දැනුම මෙන් ම වරාය ආශ්‍රිත සංවර්ධනාත්මක පුවත්, තොරතුරු හුවමාරු කර ගැනීමේ, දැනුම කළමණාකරණය කිරීමේ අවශ්‍යතාවයන් හි උත්ප්‍රේරකයක් ලෙස කටයුතු කිරීමට ''news.slpa.lk'' වෙබ් අඩවිය සමත් වනු ඇතිි බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සන්නිවේදන හා මහජන සම්බන්ධතා කොට්ඨාශය පවසයි.

මෙම ''news.slpa.lk'' පුවත් වෙබ් අඩවිය ජනගත කිරීමේ අවස්ථාවට වරාය, නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශ ලේකම් ආචාර්ය පරාක්‍රම දිසානායක, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂවරුන්, අමාත්‍යංශ උසස් නිළධාරීන් ඇතුළු මාධ්‍ය ආයතන රැසක මාධ්‍යවේදීන් මේ සඳහා එක් වින . 

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements