Featured News

Video Gossip

Advertisement

වදක තනතුර සදහා ඉල්ලුම්පත් 102ක් ලැබී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසා සිටියි.

ලැබුණු ඉල්ලුම් පත්‍රවලට අනුව මෙම මාසය තුළ එම තනතුර සදහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවවාර්තා වෙයි.

ලැබී ඇති ඉල්ලුම්පත් 102 අතරින් 99 දෙනෙකු සම්මුඛ පරීක්ෂණ සදහා කැදවීමට නියමිතව ඇත.

ඉල්ලුම් පත්‍ර එවා ඇති කාන්තාවන් දෙදෙනෙකු සහ විදේශිකයෙකු සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී කර නොගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

වදක තනතුර සඳහා අයදුම්පත්‍ර භාරගැනීම පෙබරවාරි මස 11 වැනිදා ආරම්භ වු අතර එය පසුගිය 25 වැනිදායින් අවසන් වුණි.

අවුරුදු 18- 45ත් අතර වයසේ පසුවන සම්මාන දෙකක් සහිතව විෂයන් 6කින් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත් වූ පිරිමි පුද්ගලයින් හට පමණක් ඒ සඳහා අයදුම් කිරීමට හැකි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මරණ දඬුවම නියමවූවන්ට එම දඬුවම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවස්ථා කිහිපයකදී අවධාරණය කර සිටි අතර ඊට අදාළ කටයුතු සිදුකිරීමේ අරමුනින් වදක තනතුර සඳහා මෙම අයදුම්පත් කැඳවීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදු කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements