මේ අතර දිවයින පුරා සිටින ග්‍රාම නිලධාරීවරුන් අද (05) දිනයේ ලෙඩ නිවාඩු දමා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාමනිලධාරී සංගමය පවසා සිටියි.
එම සංගමයේ සභාපති කමල් කිත්සිරි මහතා සදහන් කළේ පාර්ලිමේන්තු වටරවුම අසල දී අද (05) දිනයේ විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට ද සැලසුම් කර ඇති බවය.
ග්‍රාම නිලධාරී සේවාවට බලපා ඇති ගැටලු 17කට බලධාරීන් විසදුම් ලබානොදීමට විරෝධය පල කිරීම මෙහි අරමුණ වී ඇති අතර ඉතිහාසයේ ග්‍රාම නිලධාරීවරුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන ප්‍රථම අවස්ථාව මෙය බව කමල් කිත්සිරි මහතා සදහන් කළේය.

