Featured News

Video Gossip

Advertisement

විධායක ජනාධිපති ධුරය කොන්දේසි විරහිතව අහෝසි කිරීමට නව ව්‍යවස්ථාවක් සකස් කරමින් 2000 වසරේ අගෝස්තු 03 වැනිදා රටට සහ පාර්ලිමේන්තුවට මුලින්ම යෝජනා කරනු ලැබුවේ තමන් බවත් එම අවස්ථාවේ එය සම්මත කර ගැනීමට නොහැකිවීම සම්බන්ධව එවකට පාර්ලිමේන්තුවේ සිටි විපක්‍ෂය වගකිව යුතු බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසයි.

කෙසේ නමුත් එය නැවත සිදුකිරීමට කටයුතු කරන්නේ නම් ඉතාම හොඳ බවත් ඇය කීවාය.

කැබිතිගොල්ලෑව ගෝනමැරියාව ප‍්‍රදේශයේ ප‍්‍රතිසංස්කරණය කරමින් පවතින ගෝඨාවැව සහ කණුගහවැව ප‍්‍රදේශයේදී ඉදිකෙරෙමින් පවතින වගා ළිං ව්‍යාපෘතියක කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා පසුගිය 6 දා සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරිය මේ බව සඳහන් කළාය.

තමන්ට නව දේශපාලන පක්‍ෂයක් හැදීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් කඩා වැටී ජරාවී තිබෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය නැවත නඟාසිටුවීම සඳහා තමන් උදව් කරන බවත් ඇය ප‍්‍රකාශ කළාය.

මේ අතර මෙවර අයවැය ලේඛනයේ ඈත පිටිසර ගම්මානවල ජනතාවගේ දිළිඳුකම තුරන් කිරීම සඳහා හොඳ යෝජනා ඇති බවත් ජනතාව නඟාසිටුවීම සඳහා කි‍්‍රයාත්මක රජයේ ව්‍යෘපාතියක් වන ගම්පෙරළිය සහ එන්ටප‍්‍රයිස් ශී‍්‍ර ලංකා වැඩසටහන නිසි ලෙස කි‍්‍රයාත්මක වුණහොත් ඉන් ජනතාවට වාසි රැුසක් අත්වන බවත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements