ව්‍යවසාය අලෙවි හා අධ්‍යාපනික ප්‍රදර්ශනය මාර්තු මස 29 සිිට BMICH පරිශ්‍රයේදී
BMICH
,
business
,
gossip lanka
,
Gossip Lanka News
,
local
රජය විසින් සුළු හා කුඩා පරිමාණ ව්‍යාපාර සංවර්ධනය උදෙසා ක්‍රියාත්මක කරන විවිධ වැඩසටහන් අතර “ව්‍යවසාය 2019 අලෙවි හා අධ්‍යාපනික ප්‍රදර්ශනය” ට හිමි වේ.
මෙවරත් 2019 මාර්තු මස 29,30,31 දිනයන් හී පෙ.ව. 10 සිට රාත්‍රී 10 දක්වා BMICH පරිශ්‍රයේදී ප්‍රදර්ශනය පැවැත්වෙන අතර, ප්‍රදර්ශන පරිශ්‍රයට නොමිලේම ඇතුල්විමට අවස්ථාව සළසා ඇති බව සංවිධායකයින් පැවසීය.
ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අමාත්‍යධුරය දරණ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරිම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් “ව්‍යවසාය 2019 ප්‍රදර්ශනය” සංවිධානය කරනු ලබයි.
ව්‍යවසාය 2019 ප්‍රදර්ශනය නිෂ්පාදන අලෙවියට පමණක් සීමා වී නොමැති අතර, ඉතා පුළුල් ඉලක්ක සමුදායක් ලඟාකර ගත හැකි ආකාරයට ප්‍රදර්ශනය සංවිධානය කිරීමට පියවර රාශියක් අරගෙන වාර්තාවේ.
ව්‍යාපාර පිළිබඳ දැනුම ඉස්මතු කිරීමට හැකිවන අයුරින් සංවිධානය කරන ව්‍යවසාය 2019 ප්‍රදර්ශනය අලුතෙන්ම ව්‍යාපාරයක් ආරම්භ කිරිමට කැමැති අයටත්, දැනටමත් සුළුවෙන් ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යන, එහෙත් එය දියුණු කරගැනීමට අවශ්‍යතාවයක් තියෙන ව්‍යාපාරික ක්ෂේත්‍රයට උනන්දුවක් ඇති, උත්සාහය, කැපවීම හා අධිෂ්ඨානයෙන් කටයුතු කරන ඕනෑම කෙනෙකුට ව්‍යවසාය 2019 අලෙවි හා අධ්‍යාපනික ප්‍රදර්ශන පරිශ්‍රයට පැමිණ ව්‍යාපාර පිළිබඳ දැනුම ලබාගන්න ආකාරයට සංවිධානය කරන බව අනාවරණය විය.
ව්‍යවසාය 2019 අලෙවි හා අධ්‍යාපනික ප්‍රදර්ශන භුමිය පාසැල් හා විශ්වවිද්‍යාලයන්හි ව්‍යවසායකත්වය හදාරන ශිෂයයන්ට සිය විෂය නිර්දේශයන්හි ඉගැන්වෙන න්‍යායාත්මක කරුණු ප්‍රායෝගිකව අත්විදින්ට පුළුවන් ආකාරයෙන් සංවිධානය වීම ද අගය කළ යුතුමය.
ව්‍යවසාය 2019 ප්‍රදර්ශන භුමියේදී ලඟ එන සිංහල හා හින්ඳු අලුත් අවුරුද්දට නිවසට අවශ්‍ය සියළුම නිමි ඇඳුම්, බෑග් වර්ග, පාවහන්, අත්කම් නිර්මාණ, විසිතුරු භාණ්ඩ, තෑගී භාණ්ඩ, ආයුර්වේද නිෂ්පාදන, මල් හා විසිතුරු මත්ස්‍ය වර්ග ඇතුළු තවත් බොහෝ දේ මිලදී ගන්න පහසුකම් සළසා ඇති අතර, සියලුම දෑ අපේම රටේ දේශිය උසස් නිෂ්පාදන බව ප්‍රදර්ශනයේ සංවිධායකයින් අවධාරණය කරයි.
The Government launched the Enterprise 2019 Sales and Education Exposition in various programs implemented for the development of Small and Medium Scale Enterprises.
This time on 29th March 2019 at 9.00 am The exhibition will be open from 10.00 am to 10.00 pm at the BMICH premises and will be open for free at the exhibition premises, said the organizers.


