Featured News

Video Gossip

Advertisement

ඒ 1984 වසරයි. එවකට රාජකීය විද්‍යාලයේ මා උසස් පෙල හදාරන සමයයි. වසර 1835 දී ඇරඹි අප රාජකීය විද්‍යාලයේ 150 වන සංවත්සරය යෙදි තුබූ 1985 වසරේ එම සුවිශේෂී සැමරුම, විශාල ප්‍රදර්ශනයක් මෙන්ම සැනකෙලියකින් පැවැත්වීමට ආදි සිසුන් විසින් වැඩසටහන් සම්පාදන කොට තිබූ ඒ අතීතය මට තවමත් මතකය.

ඊට සමගාමිව පාසලේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමජිකයන් වූ අප අසරණ පවුල් 15ට නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ද සංවිධාන කොට තිබිණ. ඒ සදහා අවශ්‍යතා අනුමැතිය අප ලබාගත යුතුව තිබුනේ එවකට අධ්‍යාපන ඇමතිව සිට රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගෙනි. පාසල අසන්නයේම පිහිටි ඔහුගේ නිවසට අප පැමිණියේ අවශ්‍ය අනුමැතිය ලබා ගන්නටය. අපගේ උත්සාහය සහ උනන්දුව මෙන්ම අරමුණ ඔහුගේ පැසසුමට ලක් කරමින් ඒ වෙනුවෙන් එතුමාගේ සහය ලබාදීමට කැමැත්ත පල කල අතර ඒ මා සහ එතුමන් හමුවූ පලමු අවස්ථාව විය.

එදා සිට බොහෝ කටයුතු වෙනුවෙන් මා එතුමන් හමුවිය. ඒ සැම මොහොතකදීම එතුමන් සතු නිහතමානත්වය, ඇහුම්කන් දීම මෙන්ම ක්‍රියාශීලී බව වඩා දීප්තිමත්ව දිස්විය. එමෙන්ම ධවල පත්‍රිකාව ඉදිරිපත් කල අවස්ථාවේ මෙන්ම ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන මොහොත දක්වාම පක්ශය මෙන්ම නායකත්වයට ශක්තියක් වූ අයුරු ප්‍රශංසනීයය. තවද හිටපු ජනාධිපති ප්‍රේමදාස මැතිතුමන්ට එරෙහිව නැගුණු දෝශාභියෝගය අවස්ථාවේ බොහෝ දෙනෙකු සිතුවේ වික්‍රමසිංහ මැතිතුමන් ලලිත් - ගාමිණී හා එක්ව ජනාධිපති ප්‍රේමදාස පරාජය කිරිමට කටයුතු කරනු ඇති බවය. එහෙත් එය එසේ නොවිණ. වික්‍රමසිංහ මැතිතුමන් පක්ශය මෙන්ම පක්ශ නායකත්වය රැකගැනීමේ සටනට උර දුන්නේ අභියෝග හමුවේ නොසැලීය. අවසානයේ ජනාධිපතිට එරෙහි දෝශාභියෝගය පරාජය කරන ලද්දේ පක්ශය මෙන්ම නායකත්වයද රැකගැනීමේ අදිටනින්ය. එමෙන්ම ත්‍රස්ත ප්‍රහාරයකින් ප්‍රේමදාස ජනාධිපතිතුමන් ඝාතනය වූ මොහොතේදී රට අස්ථාවර වීමට ඉඩනොදී වහා ජනාධිපති ඩී.බී. විජේතුංග මැතිතුමන්ට ජනාධිපතිට වීම්ට අවශ්‍ය සියලු කටයුතු මෙහෙය වූයේ වික්‍රමසිංහ මැතිතුමන්ය.

ඉන් වැඩි කලක් යන්නට මත්තෙන් එදා ජනාධිපති අපේක්ෂක වූ ගාමිණි දිසානායක මැතිතුමන් අතුළු පක්ශයේ මුල්පෙලේ නායකයින් රොත්තක් එකම වෙදිකාවකදී සමුගත් මොහොතේදී ඇතිවූ මහා හිඩැස පිරවීමට පක්ශයේ තීරණාත්මක මොහොතකදී නායකත්වයේ වගකීම් වික්‍රමසිංහ මැතිතුමන් වෙත පැවරුනේ පක්ශය අඩියටම වැටී සිටි අපහසුම අවස්ථාවකදීය. එදා සිටි නව්‍යත්වයට ඉඩ දෙමින් ලෝකය සමග වෙනස්වන සමාජීය වෙනස්කම් හදුනාගෙන පක්ශය මෙහෙයවූ අයුරු සුවිශේෂය.

රටක දියුණුව ළමා හා තරුණ පරපුර දැනුමෙන් සන්නද්ධ කිරීමට වික්‍රමසිංහ මැතිතුමන්ට තිබූ දැක්ම ප්‍රශස්තය. ජාතික තරුණ සේවා සභාව, අධ්‍යාපන විද්‍යාපීඨ, යොවුන් සේනාංක මෙන්ම විදෙස් තරුණ තරුණියන්ගේද සභාගීත්වයෙන් වසරක් පාසා ක්‍රියාත්මක යොවුන් පුරයද එතුමන් මූලිකත්වය ගෙන රටේ අනාගත තරුණ පරපුරට දායාදය කිරීමට කටයුතු කිරිම විශිෂ්ඨය. 

මා දුටු රනිල් ඉතා හොඳ අසන්නෙකි, නිහඬව සසල නොවන සිතින් ගැටලු දෙස බොහෝ ඉවසීමෙන් පිලිතුරු සෙව්වත්, එතුමන් දෙස ඇතැමුන් සිතන්නේ ප්‍රශ්න ගනන් නොගන්නා අයෙකු ලෙසය. එහෙත් පසුදිනම ලැබෙන ඇමතුමකින් හෝ හමුවීමකදී එතුමන්ගෙන් ලැබුණේ ඉතා සාධනීය හෝ ධනාත්මකව විසදුම් පිරි පිලිතුරකි. 

එක්සත් ජාතික පක්ශට සමාජ මාධ්‍ය හදුන්වා දුන්නේ Green Blood (UNP) තරුණ කණ්ඩායමයි. එසේ සමාජ මාධ්‍ය ජාලයේ තීරණාත්මක බලවේගය ගොඩනැගීමට Green Blood කණ්ඩායමට උපදෙස් ලබා දුන්නේ වික්‍රමසිංහ මැතිතුමන්ය. නව්‍යත්වය කෙරෙහි එතුමන්ගෙන් දැක්ම ඉන් වඩා පැහැදිලිය. අවලාද මඩ වලින් නොව සත්‍යය මත පදනම්ව යුක්තිය වෙනුවෙන් රටේ තීරණාත්මක බලය ගොඩනැගීමට එදා ඔහු අපට බාරදුන් වගකීමේ ප්‍රතිඵල වැඩි කලක් යන්නට පෙර අප ලබාගත්තේ අසත්‍ය මඩ මත රජයේ මාධ්‍යන් පවා හැසිරුණු යුගයකය. එහි සුවිශේෂී ජය අපලබා ගත්තේ 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජය කිරීමෙන් පසුවය. එය මහින්ද රාජපක්ෂ පසුව මාධ්‍ය හමුවේ පවසා සිටියේ "FaceBook" කාරයෝ ටික මාව පරාජය කල බවයි. එමෙන්ම වත්මන් ජනපති සිරිසේන පැවසුවේ තම ජයග්‍රහණයේ තීරණාත්මක බලය වූයේ සමාජ මාධ්‍ය බවයි. එහෙත් ඒ තීරණාත්මක බලය ඊට වසර ගණනාවකට පෙර බිහි වූයේ වික්‍රමසිංහ මැතිතුමන්ගේ උපදෙස් මත බව ඇතැමුන් නොදන්නවා විය හැකිය. ඒත් ඇත්ත එයයි.

බැරෑරුම් තීරණාත්මක අවස්ථාවලදී එතුමන් නිහඬය. අප බියෙන් සිටින අවස්ථාවලදී අප දෙස බලන එතුමන්ගේ මුවෙහි ඇති සිනහව අපට මහා ශක්තිය විය. එනම් ඒ සිනහව පසුපස එතුමන් ඉතා ඉවසීමෙන් පිලිතුරු සොයා ඇති බව අපේ විශ්වාස විය. "ලොක්ක හරිම තුරුම්පුව හරිම වෙලාවට අදියි" ඒ එතුමන් කෙරෙහි එදා මෙන්ම අදටත් අපට ඇති විශ්වාසයයි එය මතුවටත් එසේමය.

එතුමන් තරම් මඩ අවලාද විවේචනයන්ට මුහුණ දුන් නායකයකු නොමැති තරම්ය. "සර් අන්න අරය මෙහෙම බනිනව, අන්න අර චැනල් එකෙන් කැත විදිහට මඩ ගහනව" යැයි අප කී විට එතුමන් සිනහ මුසු මුහුනින් "ඉතින් මට මොකද, මම මොකටද එයාල තත්වෙට වැටෙන්නෙ, මට ඕන නෑ එයාල වගේ පහලට වැටෙන්න" කීවේ සැහැල්ලුවෙනි. පහත් පෙලේ මඩ ගසන්නන්ට එතුමන් ඇතැම්විට පිලිතුරු දුන්නේ බුදුන්වහන්සේ අක්කෝසක භාරද්වජ බමුණනට දුන් පිලිතුරක් සිහිපත් කරමිනි. එනම් " බමුණ ඔබ මට කල අවලාද මා භාරගත්තේ නැත, එය ඔබටම භාරයි " යන්නයි. බුරුතුපිටින් පැයගනන් මඩ ගසූ පිරිසට වික්‍රමසිංහ මැතිතුමන් දුන් සරල පිලිතුර එයයි.

වික්‍රමසිංහ මැතිතුමන්ට "Green Blood" සංවිධානය කෙරෙහි ඇත්තේ වඩා සුවිශේෂී ලබැදියාවකි. එනම් රනිල්ට බෑ කියූ කාලේ කවුරුන් නැති කාලේ ඇතැමුන් හැංගුනු කාලේ "රනිල්ට පුළුවන් " කියමින් විවේචනය මැද අප ගිය ගමන එතුමන් දන්නා බැවිනි.

සමාජ මාධ්‍ය සටනට සමගාමීව ගම් මට්ටමේ බිම් මට්ටමේ මැතිවරණ සටනේ අප වෙත දුන් ඉලක්ක අප ජය ගත්තේ Green Blood අපට වික්‍රමසිංහ මැතිතුමන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබුණු නිසාය. වරක් එක් මැතිවරණයකදී දිනන්න බෑ කියු අප වෙත ලැබුණු අභියෝගයවූ බදුල්ල දිස්ත්‍රික්කයේ හාලි ඇල ආසන ජයගෙන පෙන්වූයේ අප Green Blood කණ්ඩායමේ කැපවීමෙනි. අදටද අප Green Blood කණ්ඩායමේ සාමජිකයන්ගේ මංගල්‍යයකදී, පවුලේ සාමජිකයන්ගේ අවමඟුල් උත්සවයකදී පවා කෙතරම් රාජකාරි තිබුනද සභාගී වීමට අමතක නොකරන්නේ අපහසුම කාලේ එතුමන් සමගින් සිටි පිරිස එතුමන්ට අමතක නොවුණු නිසාය.

ගරු අගමැතිතුමණි,
මා ඔබ තුලින් උගත් දේ බොහෝය. ඔබෙන් ලැබුණු අවවාද අනුශාසන අපමණය. පදනම් රහිත අවලාද චෝදනා විවේචනය එල්ලවූ විට කම්පිතව සිටි මොහොතේදී ඒ සියල්ල හමුවේ අකම්පිතව සිටින්නට ශක්තිමත් වීමට මා උගත්තේ ඔබෙනි. බාදක හමුවේ නොසැලී ජයග්‍රහණය වෙත යන්නට තම කණ්ඩායම මෙහෙයවූ ඔබේ උපදෙස් අග්‍රගණ්‍යමය.


ගරු අගමැතිතුමණි, ලක් දෙරණ දිනවන්නට ඔබගේ සුබ සිහිනය ජය ගන්වන්නට යන ගමනේ එද අද මෙන් හෙටත් ඔබ හා අප ඉන්නා බව නැවත නැවත් සපථ කරන්නෙමි. උතුම් දලදා සමිදුන්ගේ ආශීර්වාදයෙන් සියලු බාදක හමුවේ නොසැලී පෙරටම යන්නට සියලු ශක්තිය ප්‍රාර්ථනා කරනා අතර, Green Blood සංවිධානයේ අප නිදුක් නිරෝගී සුව පිරි වාසනාවන්ත සුබ උපන්දිනක් ඔබතුමන්ට ප්‍රාර්ථනා කරන්නෙමු !


ලසන්ත ගුණවර්ධන 
Green Blood (UNP) සංවිධානයේ උපදේශක

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements