Advertisement

විදුලිය කප්පාදුව කරන්නේ ජනතාව පීඩාවට පත් කර වැඩි මිලට පෞද්ගලික අංශයෙන් විදුලිය ලබා ගැනීමට යැයි ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා  ඊයේ (24 වැනිදා) පැවසීය.

විදුලිබල මණ්ඩලය ආරම්භ කර ලබන නොවැම්බර් 01 වැනිදාට වසර 50 ක් සම්පූර්ණ වන බවත්, එම වසර 50 තුළ විදුලි බලාගාර හදනවාට වඩා ප‍්‍රචාරක බෝඞ් ලෑලිවලට මණ්ඩලය වියදම් කර ඇති බවත් ඒ මහතා කීය.

විදුලිය කප්පාදුවට පෙර සෑම වර්ෂයකම ඉදිරි වසර සඳහා විදුලිය ඉල්ලූම, ලබාදිය හැකි සැපයුම, නියඟයක් ඇති වනවා ද ඇතුළු කරුණු රැුසක් ගැන අවධානය යොමු කර සැලසුම් සකස් කරන බවත් එවැනි කිසිදු සැලසුමක් අනුව කි‍්‍රයා නොකිරීම නිසා මෙම තත්ත්වය ඇතිව තිබෙන බවත් ජයලාල් මහතා කීය.

පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයක් අකී‍්‍රය වීම නිසා එහි සියලූ සෝපාන අලූතෙන් ගැනීමට තීරණය කරන රජය කාලයක සිට විදුලි අර්බුදය පැවතිය ද ඊට නිසි විසඳුමක් ලබා දීමට අපොහොසත් වූයේ විදුලි මාෆියාව කි‍්‍රයාත්මක කිරීමට ඇති අවශ්‍යතාව නිසා බවත් ඒ මහතා කීය.

විදුලි කප්පාදු කිරීමෙන් රටේ ඉහළම තැන සිට මැති ඇමැතිවරුන් ඇතුළු ඉහළ පැළැන්තියට බලපෑමක් ඇති නොවන බව ද එහි විපාකය විඳීමට සිදු වන්නේ ඡුන්දය ලබාදුන් ජනතාවට බව ද රංජන් ජයලාල් මහතා වැඩිදුරටත් කීය.

චමින්ද සිල්වා

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements