මෙවර ලෝක කුසලාන තරගාවලිය ජය ගත හැකි කණ්ඩායම් අතරින් ඉන්දියාව හා එංගලන්තය ඉදිරියෙන් පසුවන බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර සඳහන කරයි.ගල්ෆ් නිව්ස් පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව අදහස් දක්වමින් සංගක්කාර සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව දක්ෂ දක්ෂ කණ්ඩායමක් බවත් කාලය ගතවන විට ශ්‍රී ලංකාව හොඳ කණ්ඩායමක් බවට පත්වෙනු ඇති බවත් ඔහු සඳහන් කරයි.
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම දිගින් දිගටම පරාජය වීම සම්බන්ධයෙන් ලසිත් මාලිංග මෙසේ පැවසුවා. “මේක අපි මහන්සියෙන් ලබාගන්නා දෙයක්. මහන්සියෙන් ලබාගත්තාම, ඒකට තියෙන වටිනාකම (ඉහළයි). මට තේරෙන්නේ නෑ ඒක කොයිතරම් වටිනවාද කියලා (මේ ක්‍රීඩකයන්) දන්නවාද කියන එක…අවස්ථාවල් හැමදාම හම්බවෙන්නේ නෑ…ඒත් අවස්ථාව හම්බ වුණාම ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕන. මෑත කාලෙම ලැබුණ අවස්ථාවලින් ප්‍රයෝජන ගත්ත බවක් පෙනෙන්නේ නෑ. ඒකයි අපි මේ තත්ත්වෙන් ඉන්නේ”

