Advertisement

ඊයේ පෙරවරුවේ (13 දා) ලෙඩ නිවාඩු ඉල්ලා තම පාසල් වෙත විදුලි පුවත් යැවීම සඳහා අනුරාධපුර ප‍්‍රධාන තැපැල් කාර්යාලය වෙත ගුරුවරුන් විශාල පිරිසක් පැමිණ සිටීම නිසා තැපැල් කාර්යාලයේ දැඩි කාර්යබහුල ස්ථානයක් බවට පත්ව තිබුණි. දිගු පෝලිම් ද දක්නට ලැබුණි. මේ එම අවස්ථාවයි.

ඊයේ (13 දා) දිවයින පුරා ගුරුවරුන් ලෙඩ නිවාඩු දමා රාජකාරියට වාර්තා නොකිරීමට ගුරු සංගම් ගෙන ඇති තීරණය මත ගුරුවරුන් විදුලි පුවත් යැවීම සඳහා මෙසේ පැමිණ තිබිණි.

ප‍්‍රාදේශීය තැපැල් කාර්යාලවල ද ඊයේ උදෑසන දැඩි තදබදයක් දක්නට ලැබුණ බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

අනුරාධපුර තැපැල් කාර්යාලයේ ගුරුවරුන් පෝලිම් ගැසී සිටි අයුරු.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements