Featured News

Video Gossip

Advertisement

රාජ්‍ය සේවකයන්ට හා විශ්‍රාමිකයන්ට හිමි තිරු බදු වාහන බලපත්‍රයට රජය එක්කළ බාධා ක්‍රමයෙන් ඉවත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පවසයි.අයවැය විවාදයට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේය. රුපියල අධිප්‍රමාණය විම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගත් බව ඔහු ප්‍රකාශ කළේය.

ඒ අනුව මැයි මස පළමුවැනිදා සිට විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ටත්, ජුනි පළමුවැනිදා සිට රාජ්‍ය සේවකයන්ට කොටස් වශයෙනුත් සිය බලපත්‍රය හරහා වාහන ගෙන්වා ගැනිමට හැකියාව ලැබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 132 ක් දක්වාත්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 159 ක් දක්වාත් ඉහළ දමා තිබේ. සාමාන්‍ය ඩීසල් ලීටරයක මිල රුපියල් 104 ක් දක්වාත්, සූපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 134 ක් වන පරිදිත් මිල ඉහළ දමා ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements