Advertisement

ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් ඩයමන්ටීනා සහ ලීවූන් යන නෞකා ඊයේ(17) ත්‍රිකුණාමල වරායට පැමිණ ඇත.
දෙවන ලෝක යුධ සමයේ මඩකලපුව මුහුදු ප්‍රදේශයේ දී මුහුදුබත් වී ඇති නෞකාවක් සෙවීමේ මෙහෙයුමක් සඳහා මෙම නෞකා දිවයිනට පැමිණ ඇති අතර නාවික හමුදා සම්ප්‍රධායානුකූලව එම නෞකා සහ එහි නිලධාරීන් මෙරට නාවික හමුදාව විසින් පිළිගෙන ඇත.


නැගෙනහිර නාවික විධානය භාර අඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා විසින් කොමාණ්ඩර් ආර්.පී. මෝටිමර් සහ ලුතිනන් කොමාණ්ඩර් ඩී.මැක්ඩිවිට් යන ඉහත නෞකා භාර අණදෙන නිලධාරීන් පිළිගෙන ඇති අතර ඊයේ පැවති සුහද හමුවකදී සමරු තිලිණ හුවමාරුවක් ද සිදුකරගෙන ඇත.

‘ඩයමන්ටීනා’ නෞකාව දිගින් මීටර් 52.5 සහ පළලින් මීටර් 9.9 කින් යුත්ත වන අතර එහි නිලධාරින් 6 ක් හා නාවිකයන් 40 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් සමන්විත වන අතර, ‘ලීවූන්’ නෞකාව දිගින් මීටර් 71.2 සහ පළලින් මීටර් 15.2 කින් යුත්ත වන අතර එහි නිලධාරින් 10 ක් හා නාවිකයන් 61 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් සමන්විත වේ.

නෞකාවන් දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද ක්‍රීඩා තරඟ ඇතුළු වැඩසටහන් රාශියක් සඳහා නැව් මුළු සහභාගී වීමට නියමිතව ඇති අතර, සිය මෙහෙයුම් සංචාරය නිමා කරමින් එම නෞකාවන් එළබෙන මාර්තු මස 20 වන දින දිවයිනෙන් පිටත්වීමට නියමිතය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements