Advertisement

කෙරවලපිටිය එල්.එන්.ජී බලාගාර ටෙන්ඩරය නිසි පරිපාටියෙන් බැහැරව චීන සමාගමකට ලබාදීම සදහා කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණය නිසා රටට රුපියල් බිලියන 90ක අලාභයක් සිදුවන බව ලංකා විදුලි සේවක සංගමය චෝදනා කරනවා.

පසුගියදා (14) කොළඹ සමාජ සහ සාමයික කේන්ද්‍රයේ (CSR) හී පැවති මාධ්‍ය සාකච්ජාවකදී එම සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා මෙම අදහස් ප්‍රකාශ කලා.

ලක්දනවි නමැති දේශීය සමාගම විසින් විදුලි ඒකකයක් සදහා රුපියල් 14.97ක මිලක් ලබාදී තිබියදී රුපියල් 15.97ක මිලක් ලබාදුන් චීන සමාගම තෝරාගැනීම මඟින් ටෙන්ඩර් ක්‍රියාදාමයේදී අනුගමනය කල යුතු විදුලිබල පණතේ සදහන් අවම මිල පිළිබඳ නීතිමය ප්‍රතිපාදන උල්ලංඝනය වන බව රංජිත් ජයලාල් මහතා ප්‍රකාශ කලා.

යම් හෙයකින් ආණ්ඩුව මෙම ටෙන්ඩරය සම්බන්ධයෙන් නිසි ක්‍රියාදාමය අනුගමනය කිරීමට අපොහොසත් වුවහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තමන් සූදානම් බව එම සංගමය පවසනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements