Featured News

Video Gossip

Advertisement

කඩිනමින් ජනාධිපතිවරණයක් පැවැත්වීමට ජනාධිපති සිරිසේන තීරණය කර ඇති බවත් බොහෝ විට පාර්ලිමේන්තුවේ අයවැය ජන්ද විමසුම අවසන් වීමෙන් පසුව එය සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ බව ලංකා ඉරිදා සංග්‍රහය ද වාර්තා කර තිබේ. එහි දැක්වෙන්නේ දෙවැනි වරටත් බලය ලබා ගැනීම සඳහා සැලසුම්කර තිබෙන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලබන අප්‍රේල් මාසයෙන් පසු හදිසි ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කර ශ්‍රීලනිප සහ පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත්වීමේ සුදානමක් පවතින බවය. 

මේ වන විටත් ශ්‍රීලනිප සහ පොදුජන පෙරමුණ ඒකාබද්ධ වීම සඳහා සාකච්ඡා සිදුකරමින් පැවතියද එහි සාර්ථකත්වය පිළිබඳව දෙපාර්ශවයේම ඇත්තේ ඉතා අල්ප බලාපොරොත්තුවක් බවද එම පුවතේ සඳහන්ව තිබේ. එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හෝ එක්සත් ජාතික පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට කිසිඳු ඉඩක් නොතබා හදිසියේ ප්‍රකාශයට පත්කරන ජනාධිපතිවරණයක අපේක්ෂකයා වීම ජනාධිපතිගේ වුවමනාව වී ඇති බව හෙළිවී තිබෙන බවද එහි දැක්වේ. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර සන්ධානයක් වෙනුවෙන් වන සාකච්ඡා සිදුවුවත් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධ ශ්‍රීලනිප යෝජනාවට ප්‍රතිචාර දැක්වීම කල්දැමීම හේතුවෙන් ජනාධිපති සිරිසේන මේ තීරණය ගෙන ඇති බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ අතර අප දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේද ශ්‍රීලනිප - පොහොට්ටු සන්ධානය සම්බන්ධව ජනාධිපති සිරිසේනගේ විශ්වාසය පලුදුවී ඇති බවයි. ඊට හේතුව පොදුජන පෙරමුණ පාර්ශවයේ බැසිල් පිළ නියෝජනය කරන්නන් දිගින් දිගටම ජනාධිපති සිරිසේන විරෝධී අදහස් මාධ්‍ය ඔස්සේ අවධාරණය කිරීම බවද එම ආරංචිමාර්ග පෙන්වා දෙයි.

ජනාධිපති අපේක්ෂකයා පොහොට්ටුවෙන් පමණයි - ප්‍රසන්න 
ඒ බව සනාථ කරමින් මින්වන්ගොඩ උඩුගම්පොලදී පක්ෂ ක්‍රියාකාරීන් සමග පැවති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සඳහන් කර තිබුණේ "‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් වරයා ඇතුළු කීප දෙනෙකුට අවශ්‍ය වෙලා තියනවා පොහොට්ටුව ශ්‍රී ලංකා එකට ඇදල ආපහු මෛත්‍රී ජනාධිපති කරන්න. නමුත් මේ රටට ආදරය කරන ජනතාව අපේක්ෂා කරන්නේ මහින්ද මහත්තය රටේ නායකයා වෙන්න ඕන කියන එකයි. ඔවුන් රෑ වැටුන වලේ දවල් වැටෙන්න ලෑස්ති නෑ. ඒ නිසා දයාසිරිලා කපන වලේ වැටෙන්න අපි ලෑස්ති නෑ." යනුවෙනි.

එසේම "සන්ධානය පිළිබද අපේ කණ්ඩායම සාකච්චා වලට යන්නේ නිරවුල් මනසකින් හොද අවදානයකින් මෙවර අපව රවටන්න කිසිවෙකුට බෑ. අපේ ජනාධිපති අපේක්ෂකයා අපි තෝරලා ඉවරයි. රටම අපේක්ෂා කරන ඒ අපේක්ෂකයා වෙලාවට මහින්ද මහත්තයා නම් කරාවි. කවුරු මොනවා කිවුවත් රටේ මීලග නායකයා බිහිවන්නේ පොහොට්ටුවෙන්. ඒක වලක්වන්න ඔය කිසිදු බලවේගයකට බෑ." යනුවෙන්ද ඔහු එහිදී පවසා තිබිණ.

තවද පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම ද "විශ්වාස නැති පුද්ගලයන් සමග සන්ධාන ගතවීම මේ මොහොත් උවමනා නැති බවත් ජනතාව සිටින්නේ තම පාර්ශව සමඟ බව" පවසා තිබිණ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements