Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

කොළඹ මහානාම විද්‍යාලයේ සංගීත  ගුරුවරියක පාසල් වේලාව තුළදී අපයෝජනයට ලක්කළ බවට හෙළිවීම නිසා එම විද්‍යාලයේ සේවය කළ තවත් ගුරුවරයෙකු අධිකරණය මගින් වරදකරු කර අත්හිටවූ සිර දඩුවම ලබාදීමට අද (21)  තීරණය විය. මෙය ලංකාවේ පාසල් තුළ සිදුවන ලිංගික හිංසනයට ගුරුවරියක විසින් පාඩමක් උගන්වනු ලැබූ ඓතිහාසික තීන්දුවක් වෙයි.

2011 දී සිදුවූ මෙම සිදුවීම ඒ දිනවල ආන්දෝලනයක් ඇති කළ නමුත් මෙම ගුරුවරියට වසර 8 ක් තිස්සේ අධිකරණයෙන් නිසි සාධාරණයක්  ඉටුව නොතිබීමද ගැටලුකාරී විය.
මහානාම විදුහලේ පෙරදිග සංගීත විෂය ඉගැන්වූ සමන්ති මනෝහාරි පෙලකැටිය නමැති ගුරුවරිය මෙම අමිහිරි අත්දැකීමට මුහුණ පෑවාය. පාසල් වේලාව තුළ ඇයට වෙන්කර තිබුණ සංගීත කාමරය තුළදී පාසලේ විදුහල්පතිට හිතවත් ගුරුවරයෙකු වූ තිළිණ තුසිත් මාලේගොඩ නමැත්තෙකු විසින් මෙම අපයෝජනය සිදු කර තිබුණි. සංගීත කාමරයේ ගුරුවරිය තනිව සිටින අවස්ථාවන් බලා ඇය වෙත ගොස් ඇගේ අඟපසඟ පිරිමදිමින් අනියම් සබඳතා සඳහා පෙළැඹවීම් ඇති කර තිබූ ගුරුවරයාට එවැනි අවස්ථාවන් රැසකදීම ගුරුවරිය සිය විරෝධය පළ කර ඔහුගේ කම්මුලට ගසා ඇති නමුත් ඔහු විදුහල්පතිට ඇති සමීපතාව මත සිය පරිපාලන බලය පාවිච්චි කර ඇය නම්මවාගන්නට විවිධ උත්සාහයන්හි නිරතවී තිබේ.

 නමුත් ඇය දිගින්දිගටම ඔහු ප්‍රතික්ෂේප කිරීමෙන් පසු මෙම බලහත්කාරකම සිදු කර තිබේ. 

එයින් පසු ඇය ඒ ගැන පැමිණිලි කළත් ඒවා විදුහල්පති ගණනකට නොගත් පසු පොලිස් විමර්ශන සිදුවුවද එවක අධ්‍යාපන ඇමතිගේද අනුදැනුම ඇතිව එය යටගසන තැනට වැඩ සිද්ධ විය.

 අනතුරුව ඇය 2011 විකාශයවූ සිරස ටීවී විමර්ශන වැඩසටහනට සිය පැමිණිල්ල ‍හෙළි කළ පසුව ප්‍රේමලාල් කුමාරසිරි නමැති මහානාමයේ විදුහල්පතිවරයා තම හිතවත් ගුරුවරයාට පක්ෂපාතී වෙමින් ඇයව සේවයෙන් නෙරපූයේ ඇය අධ්‍යාපන අමාත්‍යංශ චක්‍රලේඛන නීති කඩකර අභ්‍යන්තර ප්‍රශ්න මාධ්‍ය වෙත හෙළි කළාය යන වරදකටය.

තම අයිතීන් වෙනුවෙන් ඇය අධිකරණයට ගිය අතර එහිදී ඇය සේවයෙන් පහකිරීම වැරදි බවට නිගමනය කර නැවත ගුරු සේවයේ පිහිටුවන ලදි. නමුත් අදාළ ගුරුවරයා වරදක් කළ බවට තීන්දු නොකර ඔහුව මහානාම විදුහලෙන් ලුම්බිණි විද්‍යාලයට මාරු කළේ අඩුතරමින් දුෂ්කර පාසලකට හෝ පිටත් නොකරමිනි.

මේ කියන අපයෝජන නඩුව කොළඹ මහේස්ත්‍රාත් උසාවියේ විභාග වූ අතර මීට පෙර හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා මෙම ගුරුවරයා නිදොස් කර නිදහස් කර තිබිණි. ඊට  එරෙහිව ගුරුවරිය මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර එය මේ දක්වා විභාගවීමෙන් පසු අද තීරණය ලැබිණි. ඇය සිද්ධිය ගැන පුවත්පත්වලට මෙසේ කියා තිබුණි.

'මගේ ගම කුරුණෑගල නිකවැරටිය. මං උපාධිධාරීනියක්. මහානාම විදුහලේ සේවය කරපු ගුරුවරියක් විදේශගත වීම නිසා පුරප්පාඩුවක් ඇතිවෙනවා. මං ඒ පුරප්පාඩුවට අයදුම්පත්‍රයක් ඉදිරිපත් කරනවා. විදුහල්පතිතුමාට ඒ අයදුම්පත්‍රය දුන්නාට පසුව එහි තිබූ මගේ දුරකතන අංකය ලබාගෙන මහානාම විදුහල්පතිවරයාව සිටි ප්‍රේමලාල් කුමාරසිරි මට නිතරම කතා කරන්න ගත්තා. ඔයාගෙ හිනාවට කැමැතියි. වැනි දේවල් තමයි කිව්වේ. 

ඔහු හොඳ කෙනකු විදියට එළියෙ ඉන්න කවුරුත් පිළිඅරගෙන තිබුණේ. ඒ නිසා මට ගැටලුවක් තිබුනෙ නෑ. මේ අතර 2007 ජූලි මාසයේ මට මහානාමයට මාරුව ලැබුණා. අගෝස්තු 7දා මම වැඩ භාර ගත්තේ.
එත් ආවට පස්සෙ තේරුනේ විදුහල්පතියි තිලිණ සර්රුයි ගජ මිතුරො දෙන්නෙක් ඒ වගේම දෙන්නම ගෑනුන්ට කෑදරයි. මුලදි තිලිණ සර් අතේ මට විදුහල්පතිගේ අයුතු යෝජනා එන්න ගත්තා.
මං විදුහල්පතිවරයා සමඟ ගැටෙන්නෙ නැතිව මගේ පාඩුවේ වැඩ කරගෙන ගියා. නමුත් ඔහුගේ යෝජනාවට කැමැති වුණේ නැති නිසා විදුහල්පති මට සුපිරි විදියටම අරියාදු කළා. සංගීත ගුරුවරියක් වුණාට මං උපාධිධාරිනියක්.

ඒත් මට දුන්නේ 5-6 පන්තිවලට උගන්වන්න විතරයි. මට වැටුප් වර්ධක දුන්නෙත් නැහැ.
පාසලේ බොහෝ දූෂණ වංචා සිදුවුණා. මට ඒවාත් ආරංචි වෙමින් තිබුණා. ඒ වගේම නඩුවේ අනෙක් විත්තිකරු වූ තුසිත තිළිණ මාලේගොඩ නම් ගුරුවරයා විදුහල්පතිවරයා සමඟ ළඟ සම්බන්ධතාවක් පවත්වාගෙන ගියා. ඔවුන් දෙදෙනා එකතුවී ගුරුවරියන්ට නොයෙක් අරියාදු කළා. ඒ නිසා සමහරු රැකියාව දාලා ගියා. ඒ වගේම පාසලට දරුවන් ඇතුළත් කර ගැනීම සඳහා එන අම්මලාගෙන්ද අයුතු ප්‍රයෝජන ගත්තා. මේ ගැන අමාත්‍යාංශය විමර්ශනයක් ආරම්භ කරලා තිබුණා. 

මේ අප්‍රසන්න සිද්ධිය වුනේ 2011 මාර්තු 28 වෙනිදා. එදා මගේ සංගීත කාමරේට ආපු මාලේගොඩ මාව බලෙන් වැළඳගත්තා. නමුත් විදුහල්පති නිසා මාලෙගොඩට විරුද්ධව දෙයක් කරන්න විදියක් නැහැ. නමුත් මා මේ සිදුවීම විනය භාර ගුරුතුමාට කිව්වා. ඔහු ඒ වෙලාවේ පිට හිටියේ. දැන් මොනවත් කරන්න යන්න එපා ප්‍රශ්න ඇති කරගන්න එපා කියලා ඔහු ඇවිත් මොනව හරි කරන්නම් කිව්වා. ඊළඟ දවසේ පාසලට ගියාම ඒ ගැන පැතිරිලා තිබුණා. හැමෝම වගේ කිව්වේ පොලිසි යන්න එපා මේ සිද්ධිය එළියට දාන්න එපා කියලයි.
කවුරු හරි නිර්නාමිකව මේ සිද්ධිය පොලිසියට දැනුම්දීලා තියෙනවා. අප්‍රේල් නිවාඩුවෙන් පස්සේ පොලිසිය මේ ගැන මගෙන් ප්‍රශ්න කළා. නමුත් මං දන්නෑ මං පැමිණිලි කරලා නැති නිසා පිළිතුරු දෙන්න බැහැ කියලා කිව්වා. මට ප්‍රශ්නයක් වෙයි කියලා. ඒ පැමිණිල්ලට ආවේ කාන්තා කාර්යාංශයයි. ඒ අය කිව්වා විදුහල්පතිටයි මේ ගුරුවරයාටයි විරුද්ධව වෙනත් අයගේ පැමිණිලි තියෙනවා කියලා. ඊට පසුව මං මට වූ සිද්ධිය ගැන ඇත්ත කිව්වා. ඒත් මං පොලිසියෙන් ඉල්ලුවා එහෙම සිදුවීමක් වුණේ නැහැ කියලා මං කිව්වා කියලා කියන්න කියලා.
නමුත් ඊට පසුව මට දිගට හරහට අරියාදු කරන්න ගත්තා. මං බොරු කියන බව කිව්වා. මගේ චරිතය ඝාතනය කළා. 2011 මැයිවලදී පීඩනය ඉවසන්න බැරි තැන මං පොලිසියට පැමිණිලි කළා.

ඒ වෙනකොටත් අර කලින් පැමිණිලි විමර්ශනය වෙනවා. සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා බලාපොරොත්තු වුණත් විදුහල්පති ඊට බාධා කළා. අමාත්‍යාංශයේ විමර්ශන අවසන් වුණත් විමර්ශන වාර්තාව එළියට දුන්නේ නැහැ. අමාත්‍යාංශ ලේකම්තුමා කිව්වා කරන්න දෙයක් නැහැ, එවකට සිටි ඇමැතිවරයා බන්දුල ගුණවර්ධන තමයි වාර්තාව එළියට දාන්න දෙන්නෙ නැත්තෙ කියලා.

වෙන කරන්න දෙයක් නැති නිසා තමයි ගුරු සංගමය එක්ක එකතු වෙලා මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යයට කරුණු කිව්වේ. 2011 නොවැම්බර් 27 සිරස විමර්ශන වැඩසටහනේදී එය විකාශය වුණා. පසුවැනිදා 28දා මට විරුද්ධව මේ කට්ටිය පෙත්සම් ගැහුවා ආයතන සංග්‍රහය කඩ කළා කියලා. තෑගි උත්සවයට ආපු බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාත් සාරධර්ම ගැන කතා කළා.

2012 පෙබරවාරි 1දා මාව වැඩ තහනමට ලක් කළා. මාධ්‍යයට ප්‍රකාශයක් ලබාදීම ආයතන සංග්‍රහයට පටහැනියි කියලයි වැඩ තහනම් කළේ. මං ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් සමඟ කතාකරලා නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා මඟින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශේ්‍රෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා.
එම නඩුව ඇසූ දවසේම 2012 මැයි මාසයේදී අතුරු තහනම් නියෝගයක් මඟින් මාගේ වැඩ තහනම අත්හිටුවනු ලැබුවා. ඒ නිසා මට නැවත මහානාමයේ සේවයට යෑමට ලැබුණා. මට මාස තුනක්වත් වැඩතහනමට ලක්ව ඉන්න සිදුවුණේ නැහැ.

අමාත්‍යාංශයේ විමර්ශන වාර්තාව අනුව විදුහල්පතිව අනිවාර්ය විශ්‍රාම ඇරියා. ඒත් ගුරුවරයා තුසිත තිළිණ මාලේගොඩ දිගටම ලුම්බිණි විද්‍යාලයේ වැඩ කරා. මගේ පැමිණිල්ලට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පොලිසිය නඩු දැම්මා මාලේගොඩට විරුද්ධව. මහෙස්ත්‍රාත් අධිකරණයෙන් මාලේගොඩ නිදහස් කෙරුණා. මහෙස්ත්‍රාත් අධිකරණයේ තීන්දුවට විරුද්ධව මං මහාධිකරණයට ඇපිල් කළා. '

ඒ අනුව අද(21) නඩුව කැඳවූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මෙම ගුරුවරයාගෙන් වන්දි අවශ්‍යදැයි ගුරුවරියගෙන් විමසා සිටියේය. එසේ වන්දි අවශ්‍ය නොවන අතර ඔහුට දඬුවමක් නියම කරන්නැයි ගුරුවරිය ඉල්ලා සිටියාය. 

අපයෝජනය කළැයි  චෝදනා ලබා සිටි එම විද්‍යාලයේ හිටපු ගුරුවරයකු වූ තිලිණ තුසිත් මාලේගොඩ වසරක සිර දඬුවමක් නියම කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා  එම දඬුවම වසර පහකට අත්හිටුවීමට නියෝග කළේය.

ඔහුගේ පෙර වැරදි නොමැති නිසා එම දඬුවම වසර පහකට අත්හිටුවීමට ද නියෝග කළ බව පැවසිණි. ඊට අමතරව රුපියල් 1,500ක දඩයක්ද නියම කළේය.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook