ඕකා කිසි වැඩකට නැති අපතයෙක්. ගහලා දාපං ! : මිනීමරන්න බැහැයි කියූ OICව DIG මාරු කරලා
gossip lanka
,
local
,
News
කොළඹ අපරාධ කොට්ඨාශයේ (CCD) ස්ථානාධිපති නෙවිල් සිල්වා මහතාට පසුගියදා කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගෙන් ඇමතුමක් ලැබී තිබේ.
ඉන් කියවී ඇත්තේ ඒ වනවිට මත්කුඩු චෝදනාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ රඳවාගෙන සිටි සැකකරුවකු මරා දමන ලෙසය.
"ඕකා කිසි වැඩකට නැති අපතයෙක්. ගහලා දාපං ! (මරපං)" යනුවෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයා දුරකථනයෙන් ප්‍රකාශ කර ඇත.
එහිදී නෙවිල් සිල්වා මහතා ගත් කටටම පිළිතුරු දී ඇත්තේ "සර්, රත්ගම පැත්තෙ එහෙම වෙලා තියෙන ඒවා දන්නවානෙ. ලොක්කන්ගෙ ඕඩර්ස් කරන්න ගිහින් පොඩ්ඩො කොච්චර අමාරුවෙ වැටිලා තියෙනවාද ? මටත් හිරේ ලගින්න බෑ සර්. මං කීයටවත් ඕක කරන්නෙ නෑ" යනුවෙනි.
කෝපයට පත් නියෝජ්‍ය පොලිස්පතිවරයා "ආහ් ! උඹ එහෙමද ? ඔහොමද අපිට සලකන්නෙ ? එහෙනං ඔතනින් යන්න ලෑස්තිවෙලා හිටපං" යනුවෙන් ප්‍රකාශ කර ඇති අතර "ප්‍රශ්නයක් නෑ සර්. සර්ගෙ කැමැත්තක් කරගන්න" යනුවෙන් ස්ථානාධිපතිවරයා පිළිතුරු දී තිබේ.
එයින් දින දෙකක් ගතවන විට නොවිල් සිල්වා ස්ථනාධිපතිවරයාට ස්ථාන මාරුවක් ලැබී තිබුණු අතර සිදුවීමේ සත්‍ය තත්වය සඳහන් කරමින් ඔහු විසින් ජාතික පොලිස් කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කළ පසුව එය සලකා බලා කොමිසම විසින් වහාම ඔහුගේ ස්ථාන මාරුව අවලංගු කර තිබිණි.
LNW

