Advertisement

පසුගිය දිනක මහමඟදී කාන්තාවක් හිංසනයට ලක්වන ආකාරයෙන් හැසිරුණු ති‍්‍රරෝද රථ රියැදුරකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (19 දා) කොළඹ අලූත්කඬේ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපේ‍්‍රල් මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර ඇත.

ඉකුත් දිනක ගාලූ පාරේ බම්බලපිටිය ප‍්‍රදේශයේ ආලෝක සංඥා පුවරුවක් අසලදී කාන්තාවක විසින් පදවාගෙන ආ මෝටර් රථය අසලට සිය ත‍්‍රිරෝද රථය පදවාගෙන ආ අදාළ පුද්ගලයා ඇඟිල්ලක් උපයෝගී කරගනිමින් එම කාන්තාව වෙතට කිසියම් ලිංගික සංඥාවක් නිකුත් කරමින්, පසුව ඇයගේ දුරකථන අංකයද ලබාදෙන ලෙස ඉල්ලමින් මෝටර් රථය පසුපස ලූහුබැඳ තිබිණි.

ඒ අවස්ථාවේදී සිද්ධියට මුහුණදුන් අදාළ කාන්තාව සිදුවූ සියල්ල සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර පසුව එය අන්තර්ජාලයට එක්කර තිබිණි. 

ඒ අනුව එම දර්ශන ඔස්සේ පරීක්‍ෂණ පැවැත්වූ බම්බලපිටිය පොලිසිය, අසංවරව හැසිරුණු අදාළ ති‍්‍රරෝද රථ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබිණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements