Featured News

Video Gossip

Advertisement

ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ණය මුදලේ අවසන් වාරිකය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදල ලබාදීමටත් එම ණය වැඩසටහන වසරකින් දීර්ඝ කිරීමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර ඇත.

අවසන් ණය වාරිකය ඉකුත් දෙසැම්බර් මාසයේදී ලබාදීමට නියමිතව තිබුණ ද ශ්‍රී ලංකාවේ පැවැති දේශපාලන අර්බුදය හේතුවෙන් ණය වාරිකය නොලැබුණු අතර ශ්‍රී ලංකා ආණ්ඩුවේ ඉල්ලීම පරිදි එය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබේ. 

එම ණය වාරිකය වසරක කාල සීමාවක් තුළ සම සමව බෙදීයන අයුරින් ලබාදීමට නියමිත බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර ඇත. 

වසර තුනක ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් යටතේ වාරික පහකට බෙදී යන පරිදි ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක මුදලක් ලබාදීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල 2016 වසරේදී එකඟතාව පළ කළේය. 

ඒ අනුව එහි අවසන් වාරිකය පසුගිය දෙසැම්බර් මාසයේදී මෙරටට ලැබීමට නියමිතව තිබුණත් ඔක්තෝබර් 26 වැනිදා සිට දෙසැම්බර් මාසය දක්වා පැවැති දේශපාලන අර්බුදය නිසා ඒ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා පසුවට කල් තැබිණි. රනිල් වික්‍රමසිංහ මහතා නැවත අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු මුදල් අමාත්‍ය මංගල සමරවීර, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත්වරුන් පිරිසක් ඇමෙරිකා එක්සත් ජනපදයේ පිහිටි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රධාන කාර්යාලය වෙත ගොස් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදි.

එහිදි ඇති කරගන්නා ලද එකඟතාව පරිදි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ආසියා හා ශාන්තිකර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොට්ඨාශ ප්‍රධානී මැනුඑලා ගොරෙති මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම අරමුදලේ දූත පිරිසක් පෙබරවාරි 14 වැනිදා මෙරට පැමිණි අතර පෙරේදා 28 දක්වා ඔවුහු මෙරට රැඳී සිටියහ. 

ඒ අනුව ශ්‍රී ලංකා රජය කරන ලද ඉල්ලීමකට එකඟතාව පළ කරමින් තුන් අවුරුදු ප්‍රතිසංස්කරණ වැඩසටහනක් යටතේ මෙරටට ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ණය මුදලේ ඉතිරි වාරිකය වසරක කාලයක් සඳහා දීර්ඝ කිරීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල තීරණය කර ඇත. ඒ අනුව එම ණය මුදලේ ඉතිරි වාරිකය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් වසරක කාලයකදී සම සමව බෙදී යන පරිදි මෙරටට ලැබෙනු ඇත. අන්තර්ජාතික මූල්‍ය අරමුදල මේ වනවිට සම්පූර්ණ ණය මුදලෙන් ඩොලර් බිලියනයක් ශ්‍රී ලංකාවට මුදා හැර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements