Advertisement

ලබන වසරේ රටම අමාරුවේ ලංකාවේ ආර්ථික වර්ධනය එන වසරේ 2.9ට අඩු වෙනවා..
පස්වන සමාලෝචනය කල් දැම්මා - IMF
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 206ක හදිසි මූල්‍ය ආධාර අනුමත කරමින් නිකුත් කළ නිවේදනයට අනුව, ඉදිරි වසරවලදී මෙරට ආර්ථික වර්ධන වේගය මන්දගාමී වනු ඇතැයි පුරෝකථනය කර ඇත.
වාර්තාවේ දැක්වෙන ආර්ථික දර්ශකයන්ට අනුව, ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 2024 වසරේදී සියයට 5.0ක වර්ධනයක් වාර්තා කළද, එය 2025 වසරේදී සියයට 4.2ක් දක්වා අඩුවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.
විශේෂයෙන්ම 2026 වසරේදී ආර්ථික වර්ධන වේගය සියයට 2.9ක් දක්වා තවදුරටත් මන්දගාමී වනු ඇතැයි පුරෝකථනය කර තිබීම විශේෂත්වයකි.
 ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරහොත් රට බංකොලොත් - IMF කියයි

ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරහොත් රට බංකොලොත් වන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කල බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
බාධාව ඉවත් වෙයි - IMF සහනයට සියල්ල සූදානම් - කඩාකප්පල් කරුවන්ට ජනපති අනතුරු අඟවයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක මූල්‍යාධාරය ලබා ගැනීමට තිබුණු “විශාලතම බාධාව” ඉවත් කරමින්, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට සහය දෙන බවට චීනය සහතික වී තිබේ.

බ්ලූම්බර්ග් වෙබ් අඩවිය මේ බව වාර්තා කර ඇත.

එහි සඳහන් වන්නේ, මෙරට විශාලතම ද්විපාර්ශ්වික ණය හිමියා වන චීනය මාර්තු 6 වන දින එරට අපනයන-ආනයන බැංකුව හරහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය ලිඛිත සහයෝගය ලබා දී ඇති බව ය.

ශ‍්‍රී ලංකාව ගැන IMF වෙතින් දුක හිතෙන කතාවක් 

ශ්‍රී ලංකාව බරපතළ ආහාර අර්බුදයක ගිලී සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාව ද කුසගින්නේ පෙළෙන රටවල් අතරට ඇතුළත් කරමින් ලෝක ආහාර වැඩසටහන නිකුත් කර වාර්තාවක්ද උපුටා දක්වමින් එම අරමුදල මේ බව පවසයි.

ජල-විදුලි ගාස්තු ඉහලට
ඩීසල් 25කින් ඉහලට
රුපියල 15%කින් බාල්දු කරන්න වෙයි කියමින් බැසිල්ගෙන් කැබිනට් පත‍්‍රිකාවක්

විදේශ විනිමය අර්බුදය ඇතුළු මේ වන විට මෙරට පවතින ආර්ථික ගැටලු සම්බන්ධයෙන් ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමග සාකච්ඡා කර විසඳුම් ලබා ගන්නා බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගතහොත් ඉන්ධන, විදුලිය, ජලය, අත්‍යවශ්‍ය ආහාර මිල සහ ගාස්තු ඉහළයාම මෙන්ම රාජ්‍ය සේවයේ සිදුවන කප්පාදු පිළිබඳව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඇමැති මණ්ඩලය දැනුවත් කර තිබේ.

ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ණය මුදලේ අවසන් වාරිකය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදල ලබාදීමටත් එම ණය වැඩසටහන වසරකින් දීර්ඝ කිරීමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර ඇත.

අවසන් ණය වාරිකය ඉකුත් දෙසැම්බර් මාසයේදී ලබාදීමට නියමිතව තිබුණ ද ශ්‍රී ලංකාවේ පැවැති දේශපාලන අර්බුදය හේතුවෙන් ණය වාරිකය නොලැබුණු අතර ශ්‍රී ලංකා ආණ්ඩුවේ ඉල්ලීම පරිදි එය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබේ. 

එම ණය වාරිකය වසරක කාල සීමාවක් තුළ සම සමව බෙදීයන අයුරින් ලබාදීමට නියමිත බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර ඇත. 

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements