Featured News

Video Gossip

Advertisement

නිසි කලට වැසි ලැබී විදුලිබල උත්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීම වෙනුවෙන් ශ්‍රී මහා බෝධිය අභියස පැන් පූජාකිරීමේ පින්කමක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පැවැත්වීමට නියමිතව තිබේ.

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවලින් ලබාගන්නා පැන් මෙසේ ශ්‍රී මහා බෝධිය වෙත පූජා කිරීමට නියමිත බව සඳහන්.

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවලට කෘතීම වැසි ලබාගැනීම සඳහා දියත් කළ ව්‍යාපෘතිය ද පසුගියදා අසාර්ථක විය. ශ්‍රී මහා බෝධියට පැන් පූජා කිරීමෙන් වැසි ලබාගත හැකි ක්‍රමයක් පිළිබඳව නම් අප දන්නේ නැත.

රථවාහන අනතුරු අඩු කිරීමේ අරමුණින් මහමාර්ග ආසන්නයේ පිරිත් දේශනා කිරීමේ වැඩසටහනක් ද මීට පෙර ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් සිදු කර තිබිණි. මේ, එහි දෙවැන්න විය යුතුය.

කෙසේවෙතත් විදුලි උත්පාදනය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දැනට දිනකට පැය 4ක් බැගින් විදුලි කප්පාදුවක් සිදු කරමින් පවතී. එය අවසන් කෙරෙන දිනයක් ද මෙතෙක් ස්ථිරවම ප්‍රකාශ කර නැත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements