එක්සත් ජාතික පක්‍ෂයට තමන් වැඩක් නැතිනම් පක්‍ෂයෙන් ඉවත් වන්නට සූදානම් බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා සදහන් කර ඇත.
එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ඔහු සදහන් කර ඇත්තේ තමන් අදටද ජනප‍්‍රියම නළුවා බවත් තමන් එජාපයට එපා නම් දේශපාලනය අතහැර රගපෑමට යාමට සූදානම් බවයි.
නමුත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් රන්ජන් රාමනායක ඇමතිවරයා වලකමින් සදහන් කර ඇත්තේ මෙම ප‍්‍රශ්ණය සාකඡ්චාවෙන් බේරාගත යුතු බවයි.
එජාප මැති ඇමතිවරුන් තහනම් ද්‍රව්‍ය ගහන්නේ යයි රාමනායක මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඇති වූ සාකච්චාවේදී මෙම කතාබහ සිදුව ඇත.
කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් වැඩි පිරිසක් එහිදී සදහන් කර ඇත්තේ රන්ජන් රාමනායක මහතා පක්‍ෂයෙන් ඉවත් කල යුතු බවත් ඔහුගේ ප‍්‍රකාශයෙන් පක්‍ෂයට විශාල හානියක් වූ බවත්ය.

