Featured News

Video Gossip

Advertisement

ඊයේ (01) පිළියන්දලදී පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගැණුන සංවිධානාත්මක අපරාධකරු මාකඳුරේ මදුෂ්ගේ ගෝලයන් දෙදෙනාගෙන් කෙනෙකු මධුෂ්ගේ පරිගණක තාක්ෂණික උපදේශකයා බව සොයාගෙන තිබේ.

කෝටි හත්සියයක් වටිනා දියමන්තිය කොල්ලකෑම සදහා ගුගල් තාක්ෂණය ඔස්සේ මධුෂ් හා අපරාධ කණ්ඩායම සම්බන්ධ කරදීම, දෙවිනුවරදි කුඩු මංකොල්ලයත් ගූගල් තාක්ෂණය ඔස්සේ මෙහෙයවීම මෙන්ම මධුෂ්ගේ පියාගේ අවමගුල වයිෆයි තාක්ෂණය ඔස්සේ කැමරා සවිකර සජිවීව පෙන්වා ඇත්තේද රෙමාල් (රෙමා) නමැති මෙම සැකකරු බව හෙලිවී ඇත.

දෙවිනුවරදි කුඩු කිලෝ 128ක් කොල්ල කන්නට කල මධුෂ්ගේ දුරකථන සැලැස්ම සකස් කර දී එම කුඩු තොගය කොළඹ රැගෙන ඒමටත් මොවුන් දායකවී ඇතැයි ද පොලිසිය මේවන විට හෙළිකරගෙන තිබේ.

පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජිවට පිළියන්දලදී වෙඩි තැබූ සැලැස්ම ක්‍රියාත්මක කර ඇත්තේත් මෙහිදි අල්ලාගත් අනෙක් සැකකරු කැලූම් නමැත්තා බව හෙලිවී ඇත.

බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස් දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවිමෙන් කොට්ඨාස අපරාධ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලින්ටන් සිල්වා, පොලිස් පරික්ෂක කැලූම් සංගීත්, කැලණිය පොලිස් විශේෂ කාර්යාංශයේ සැරයන්වරුන් වන සෝමසිරි (14868), බණ්ඩාර (53252), උදයකුමාර (5508) යන කණ්ඩායම් වැටලීම කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements