Featured News

Video Gossip

Advertisement

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයට මාරු කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. 

ඉහළින් ලැබුණු නීති විරෝධී නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම නිසා නෙවිල් සිල්වා මහතාට මෙම ස්ථාන මාරුව ලබා දී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසයේ ආරංචි මාර්ගවලින් පැවසේ.

මීට සතියකට පමණ පෙර හෙරෙයින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු මරා දමන ලෙස උසස් පොලිස් නිලධාරියකු උපදෙස් දුන් බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා මහතා සටහන් දමා තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 


එම නියෝගය ක්‍රියාත්මක නොකළ නිසා ඔහු ස්ථාන මාරු කරන බවට උසස් පොලිස් නිලධාරියකු තර්ජනය කළ බව ද කියැවේ.

ඔහුගේ ස්ථාන මාරු නියෝගයේ සඳහන් කර ඇත්තේ සේවා අවශ්‍යතා මත ස්ථාන මාරු කරන බවයි. එහෙත් නෙවිල් සිල්වා මහතා ස්ථාන මාරු කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් අවසර ගෙන නැතැයි එම කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් පැවසීය.

පොලිස් මූලස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී එච් ජානක මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ධුරයේ වැඩ බැලීමට පත් කර තිබේ.

මෙම ස්ථාන මාරුවට එරෙහිව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ජාතික පොලිස් කොමිෂන් සභාවට අභියාචනයක් කිරීමට නියමිත බව ද දැනගන්නට තිබේ.  

මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ ස්ථාන මාරුව ලබා දී ඇත්තේ සේවා අවශ්‍යතාවක් මත බවයි. සැකකරුවකු ඝාතනය කිරීමට උපදෙස්දීමක් ගැන මෙතෙක් වාර්තා වී නැති බව ද ඒ මහතා කීවේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements