Featured News

Video Gossip

Advertisement

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) භාරව කටයුතු කළ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර මහතාගේ සේවා කොන්ත්‍රාත් කාලය අවසන් කිරීමට කැබිනට් මණ්ඩලය පසුගියදා (26දා) තීරණය කර තිබේ.

දැනට සිවු වසරක් ගෙවී ඇති මෙම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ආරම්භ කරන ලද්දේද 2015 වසරේ පෙබරවාරි මස 26 වැනි දින වන අතර එහි ආරම්භයේ සිට මේ දක්වා එහි ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබුවේද රවි වෛද්‍යලංකාර මහතාය.

වයස අවුරුදු 60 සම්පූර්ණ වීම හේතුවෙන් ඒ මහතා ඉකුත් වසරේ මැයි මස 14 වැනි දින විශ්‍රාමයෑමට නියමිතව තිබුණද කැබිනට් අනුමැතිය යටතේ ඔහුට කොන්ත්‍රාත් පදනම මත සේවා කාලය මේ වසරේ මාර්තු 30 වැනි දින තෙක් ලබා දී තිබිණි.

එහෙත් එම කාලය අවසන් වීමට මසකට අධික කාලයක් තිබියදී කැබිනට් මණ්ඩලය ඔහුගේ සේවා කොන්ත්‍රාත්තුව මෙලෙස අවසන් කර ඇත.

ඔහුගේ කොළඹ පිහිටි නිල නිවෙසින් ඔහුගේ බඩු භාණ්ඩ ආදියද ඉකුත් සිකුරාදා (22දා) වන විට ඉවත් කරගෙන තිබුණු බවද වාර්තා වේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements