Advertisement

ලොව ටෙස්ට් සහ එක්දින වැඩිම කඩුලූ ලාභියා වශයෙන් සහ මෙතෙක් බිහිවු සුපිරිතම දඟ පන්දු යවන්නා වශයෙන් හැඳින්වෙන මුත්තයියා මුරලිදරන්ගේ ක‍්‍රිකට් දිවියේ ලබාගත් සියලූම සම්මාන සීනිගම ඉදිකරන කෞතුකාගාරයකට ලබාදීමට තීරණය කර තිබේ.

ගුණ ජය පදනම හරහා සීනිගම ඉදිකරන කෞතුකාගාරයට මුරලිගේ ක‍්‍රිකට් දිවියේ සියලූම සම්මාන ලබාදෙද්දී ඒ සම්මාන නැරඹීමට කිසිදු මුදලක් අය නොකිරීමටද ගුණ ජය පදනම බලාපොරොත්තු වේ. ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩාවට අතහිත දෙන පදනමක් වශයෙන් මුරලිදරන්ගේ නිරතුරු දායකත්වය ගුණ ජය පදනම වෙත ලබාදී තිබේ.

ලොව වැඩිම වරක් තරගාවලි වීරයා සම්මානය දිනා ඇති මුරලිදරන් ටෙස්ට් තරගවල තරගයේ වීරයා සම්මාන වැඩිම වරක් දිනා ගත් ලැයිස්තුවේ දෙවැනි තැන පසුවේ. අදාළ කෞතුකාගාරයේ මුරලි විශේෂ ඡුායාරූපද ප‍්‍රදර්ශනය කිරීමට නියමිත බව සඳහන් වේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements