Featured News

Video Gossip

Advertisement

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාව දකුණු අප‍්‍රිකාවේ සිට හදිසියේම ශ‍්‍රී ලංකාව ගෙන්වා ගැනීමේ සූදානමක් පවතින බව ක‍්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. 

දකුණු අප‍්‍රිකාව සමග පැවැති පළමු එක්දින තරග තුනම පරාජය වීම සහ කණ්ඩායමේ ප‍්‍රගතිය සම්බන්ධයෙන් ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීමට සිව්වැනි එක්දින තරගයෙන් පසුව ප‍්‍රධාන පුහුණුකරුවාට ගෙන්වා ගැනීමට නියමිතව ඇතැයි වැඩිදුරටත් සදහන් වේ. නමුත් එ් සම්බන්ධයෙන් ප‍්‍රධාන තීන්දුව ගැනීම නියමිතව සිටින ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමට ‘දිවයින’ උත්සහ කළද ඔහු ඊට ප‍්‍රතිචාර නොදැක්වීය.

එක්දින තරගවලදී දිගින් දිගටම ශ‍්‍රී ලංකා පිල අසාර්ථකත්වයට පත්ව සිටීම හේතුවෙන් චන්දික හතුරුසිංහගේ පුහුණුකාරීත්වය විවේචනයට බදුන්විය. ලෝක කුසලාන ඉලක්ක කරමින් ඔහුව මිලියන හයකට වැඩි වැටුපකට ප‍්‍රධාන පුහුණුකරුවා වශයෙන් පත්කළද ලෝක කුසලානට පෙර තරගාවලියද පරාජය වීමෙන් හතුරුසිංහ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ක‍්‍රීඩා ඇමැතිවරයා මූලිකත්වය ගෙන කටයුතු කරනු ඇතැයි ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වාගෙන් ‘දිවයින’ විමසන ලදුව, ‘‘හතුරුසිංහව ගෙන්වනවා කියලා දෙයක් නැහැ. එයාට කොන්ත‍්‍රාත්තුවක් තියෙනවා 2020 වෙනකම්. අපි එහෙම තීරණයක් ගෙන නැහැ. කවුරු හරි කියන බොරුවක් වෙන්න ඇති එයාව ගෙන්වනවා කියන.’’ එක යනුවෙන් පැවසීය. 

හතුරුසිංහගේ පුහුණුකාරීත්වය යටතේ පසුගිය මාස 15 ක කාලය තුළදී ශ‍්‍රී ලංකාව සහභාගි වූ එක්දින තරග 20 කදී ජය ලබා ඇත්තේ තරග හයක් පමණි. එ් අතර ඇෆ්ගනිස්තානයටද පරාජය විය. කණ්ඩායමේ නායකත්වය භාර ගැනීමට ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් සූදානම් වුවද පුහුණුකරුවාගේ ක‍්‍රියාකලාප හේතුවෙන් ඔවුන් එම තනතුර ප‍්‍රතික්ෂේප කරන තත්ත්වයක්ද උද්ගතවී ඇති බව ක‍්‍රීඩා අමාත්‍යවරයාට වාර්තා වී තිබේ. එ් සියලූ කරුණු සලකා බලා ක‍්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු විසින් අදාළ තීන්දුව ගන්නා බවට වැඩිදුරටත් සදහන් වේ.

අසේල විතාන

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements