Featured News

Video Gossip

Advertisement

බස් රථවල වාදනය කළ යුතු ගීත සහ ඒවා වාදනය කළ යුතු ඩෙසිබල් මට්ටමද ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාව මඟින් තීරණය කරන බවත් ඊට අනුගත නොවන රියදුරන් හා කොන්දොස්තරවරුන් සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කරන බව මීට පෙර සඳහන් කලත් තවමත් ඒවා කිසි දෙයක් වෙනස් වී නැත.

විශේෂයෙන්ම අප විසින් 100% සහයෝගය දිය යුතු බොහොම අපුරූ දෙයක් අද අනුරාධපුර ප්‍රදේශයේදී සිදුවුනා. ඒ පෞද්ගලික බස් රථ විශේෂ පරික්ෂාවකට ලක් කිරීමයි.

ඊයේ සිදුකල මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ අනුරාධපුර පොලිසියේ රථ වාහන අංශය විසින්.එහිදී අධික ශබ්ද නාදරටා සහිතව බස් රථ ධාවනය කළ රියදුරන්ට දඩ පැනවීමට පොලිසිය කටයුතු කර,අධික ශබ්දය සහිත සියලු නලා එම බස්රථ වලින් ඉවත්කර පොලිසියට භාරදෙන ලෙසයි පොලිසිය බස් රථ රියදුරන්ට නියෝග කර ඇත්තේ.

ඇත්තෙන්ම වෙන රටක පාරක බැහැල යන්න පුලුවන් පුදුම නිදහසකින්. අපේ රටේ ටවුමක මීටර 100ක් කණක් ඇහිලා යන්න පුලුවන්ද..? ලෝකෙ කොහෙත් නැති ලොරි බොඩි මගී ප්‍රවාහන බස් රථ යනුවෙන් නම් කර මගී ජනතාවට දිය යුතු අවම පහසුකම්වත් ලබා නොදී අවුරුදු ගනනාවක්ම මේ තත්වය උදා කල අපේ රටේ දේශපාලුවන් දැන්වත් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට මේ ගැනත් ඉඩ කඩක් දිය යුතු බවයි අපේ රට නම් අදහස.

මෙම බස්රථ පරික්ෂා කිරීම සදහා අනුරාධපුර පොලිසිය ගත් උත්සාහයට බස්රථ මගීන් විශාල පිරිසක් තම කැමැත්ත එම මොහොතේදීම බස් රියදුරන් කොන්දොස්තරවරුන් ඉදිරිපිටදීම ප්‍රකාශ කලා.විශේෂයෙන් රාජකාරි ඉටුකළ නිලධාරීන්ට මගීන් මෙන්ම ප්‍රදේශයේ ජනතාවද ප්‍රණාමය පුද කර සිටියා

වීඩියෝව පහතින් නරඹන්න

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements