Featured News

Video Gossip

Advertisement

ලංකාවට පැමිණෙන ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය වන විදුලි දුම්රිය නිෂ්පාද කර්මාන්තය පසුගිය කාලයේ දැඩි කතා බහට ලක් වූයේ එම ව්‍යාපෘතියෙන් දැවැන්ත කොමිස් මුදලක් ලබා ගැනීමට කටයුතු කිරීම හේතුවෙනි. මේ සදහා රාජ්‍ය ඇමතිවරයෙක් හා කැබිනට් ඇමතිවරයෙකු මූලිකව මුල් වූ අතර අනතුරුව ඒ තත්වය නතර කොට ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයෙකු යටතේ නැවත විදුලි දුම්රිය නිෂ්පාදනය සදහා අදාල අයදුම්පත් ඉදිරිපත් කළද ඉන් අනතුරුවද ආයෝජන මණ්ඩලයේ නොයෙක් අංශ විසින් අදාළ ව්‍යාපෘතියට බාධා පමුණුවමින් සිටින බව වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමේදී තහවුරු වූ කරුණු වූයේ.. මෙම ව්‍යාපෘතියට වින කෙටූ මහ ලොක්කන්ගේ ගෝල බාලයන් තවමත් අදාළ පුටු අරක්ගෙන මෙම ව්‍යාපෘතියේ කොමිස් කුට්ටි නොමැති කමින් වැඩ කල් දැමීම්, ව්‍යාපෘතියේ විවිධ වාර්තා අඩු බව පැවසීම්, හා ව්‍යාපෘතියේ විවිධ කොටස් යටතේ වර්ග කොට කල් යවමින් හිතාමතාම ප්‍රමාද කිරීම සදහා වන වැඩ කටයුතු සලසමින් සිටින බවත්ය.

විදුලි දුම්රිය කර්මාන්තය ආරම්භ කිරීම සදහා වන ආයෝජන මණ්ඩල දායකත්වය අතිශයින් දුර්වල මට්ටමක පවතින අතර ජනාධිපතිවරයා විසින් අදාළ අංශ දැනුවත් කොට ඇතත්.. එම අණද පිළිනොපදිමින් ව්‍යාපෘතිය සදහා වන කැබිනට් අනුමැතිය ලබා ගැනීමට ප්‍රමාද කිරීමට මෙකී නිලධාරී පුටු රත්කරන්නන් කටයුතු කිරීම හේතුවෙන් වසරින් වසර ව්‍යාපෘතිය කල්යාම සිදුවීම ජාතිය හමුවේ ඇති දැඩි අර්බුදයකි.

දැඩි ආර්ථික අර්බුදයක ගිලී ඇති රටකට මෙවැනි ව්‍යාපෘතියක් ලැබීම දැවැන්ත ආර්ථික ජයග්‍රහණයක් වුවත් පටු වාසි තකා කැස කවන කාක්කන් ආයෝජන මණ්ඩලයේ අරක් ගැනීම හේතුවෙන් නැතිවී යාමට ඉඩ ලැබෙමින් පවතින්නේ හෝ නැතිනම් කල් මරණුයේ රටේ හෙට දවසේ ආර්ථික ධන උල්පතකි.

විදුලි දුම්රිය ව්‍යාපෘතිය තවමත් වෙනත් ආයෝජනයන් මෙන් හිතන නිලධාරීන් මෙයද පෙර පැමිණි කුඩා හෝ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපෘති මෙන් දැකීමම මෙහි බර තැබීම ගිලිහී යාමකි. කොතරම් ආර්ථිකයට දැවැන්ත වුවත් එමගින් කොමිස් ගැසීම හැර අන් යමක් උගන්වා නැති ආයෝජන මණ්ඩලයෙ ගිජු ලිහිනින් මෙයද වළකාලීම දැවැන්ත රාජ්‍ය අපරාධයක් ලෙස හැදින්විය හැකියි.
ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ අවධානය යොමුව අදාළ ආයෝජන මණ්ලයේ පුටු රත්කරන්නන් විසින් මෙම ව්‍යෘප්තෘතිය කල් මැරීම ප්‍රමාදය නවතා ඉක්මනින් මෙකී ආර්ථික ආයෝජනය රටේ සංවර්ධනයට යොමු කිරීම සෑම බලධාරියෙකුගේම යුතුකම හා වගකීමද වන බව අවධාරණය කර සිටිමු.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements