ජාත්‍යන්තර සම්මාන දිනූ අශෝක හඳගම ගේ අසන්ධිමිත්තා 22 දා සිට ප්‍රදර්ශනයට | Asandhimitta
Asandhimitta
,
gossip
,
gossip lanaka
,
News
,
video
අශෝක හඳගම ගේ නවතම චිත්‍රපටය අසන්ධිමිත්තා මාර්තු 22 දා සිට CEL, රිද්මා, කොළඹ සිටි සෙන්ටර් හි ස්කෝප් සිනමා, EAP මණ්ඩලේ සිනමා හල් වල සීමිත දිනගනනකට ප්‍රදර්ශනය සඳහා නිදහස් වෙයි. මේ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව රඟපාන නිල්මිණි සිගේරා පසුගියදා අවසන් වුනු ජපානයේ 14 වෙනි ඔසාකා ආසියානු සිනමා උළෙලේ විශිෂ්ඨතම රංගනය සඳහා පිරිනැමෙන යකුෂි මුතු සම්මානය දිනාගනු ලැබුවා. ඔසාකා ආසියානු සිනමා උළෙලේ තරඟකාරී අංශයට, කොරියාව, හොං-කොං, චීනය, ඉන්දියාව, ජපානය, වියට්නාමය, පිලිපීනය, තායිවානය යන රටවල විශිෂ්ඨ සිනමා කෘති රැසක් තේරී තිබුණි. අසන්ධිමිත්තා චිත්‍රපටය නිල්මිණි ගේ ප්‍රථම සිනමා රංගනයයි.
නිල්මිණි සිගේරා, ධර්මප්‍රිය ඩයස්, ඩබ්ලිවු ජයසිරි, ශ්‍යාම් ප්‍රනාන්දු, යශෝධා විමලධර්ම, රුක්මල් නිරෝෂ්, අනුලා බුලත්සිංහල, ගයනි ගිසන්තිකා, සඳලි හඳගම, රිතිකා කොඩිතුවක්කු, ප්‍රදීප් රාමවික්‍රම, විදත් වීරකෝන් සහ අහස් දිසානායක රඟන අසන්ධිමිත්තා සරසවි සිනෙරූ වෙනුවෙන් එච් ඩී ප්‍රේමසිරි ගේ නිෂ්පාදනයකි. අමල් අල්විස් සහාය අධ්‍යක්ෂනයෙන්ඩ ද මංජුල පෙරේරා නිෂ්පාදන කලමනාකරනයෙන්ද එක්වන මෙහි රේඛීය නිෂ්පාදන ය ඉරන්ති අබේසිංහ ගෙනි. චන්න දේශප්‍රිය ගේ කැමරාකරණයෙන් ද, රවීන්ද්‍ර ගුරුගේ ගේ සංස්කරණයෙන් ද, කපිල පූගලආරච්චි ගේ සංගීතයෙන් ද දිනිඳු ජාගොඩ ගේ වර්ණ සංයෝජනයෙන් ද නිසල් ගංගොඩගේ ගේ ශබ්ද සංකලනයෙන් ද නිමැවුණු අසන්ධිමිත්තා සරසවි සිනෙරූ ඉදිරිපත් කිරීමකි.

