Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ඇය ගුරුවරියකි. සාමාන්‍ය ගුරුවරියක් නොව ඇය ලෝකයේ හොඳම ගුරුවරුන් 10,000 ක් අභිබවා ඉදිරියට ආ අතිවිශිෂ්ට ගුරුවරියකි.

එහෙත් අපට ඇය ගැන කතා කරන්නට ඊටත් වඩා විශේෂ හේතුවක් ඇත. 

ඒ ඇය අපේ කෙනෙකු වීමයි.

ඔව්. ලෝකයේ හොඳම ගුරුවරිය ලෙස Global Teacher Prize සම්මානය අභියස සිටින යසෝදායි සෙල්වකුමාරන් ශ‍්‍රී ලාංකික යුවතියකි.

ලංකාවේ ඉපදී හැදී වැඩුණු ඇයට ඉගෙනීමේ කටයුතු කරගන්නට ඔස්ටේ‍්‍රලියාවට යන්නට සිදු වූයේ උතුරේ යුදමය තත්ත්වය හේතුවෙන් ඇගේ පවුලේ අය විදෙස් රටක පදිංචියට යන්නට තීරණය කළ බැවිනි. 

ඉගෙන ගන්නා අවධියේ පටන්ම ඇයට සිහිනයක් තිබිණි. ඒ හීනය ලාංකිකයෙකු ලෙසින් තම හඬ ලෝකයට ගෙන යන්නටයි. ශ‍්‍රී ලාංකික ඇගේ හඬ ලෝකයට ගෙන යන්නට ඇයට කළ හැකි කුමක්දැයි ඇය සොයන්නට වූයේ ඔස්ටේ‍්‍රලියාවේ සිඞ්නි විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්නා අවධියේයි.

තමන්ගේ මාර්ගය විය යුත්තේ ”ගුරු වෘත්තිය” බව ඇය තීරණය කොට ගත්තේ නිව් සවුත්වේල්ස් හි සිසුුවියක ලෙසින් ඉගෙන ගනිද්දී ඇයට ඉතිහාසය ඉගැන්වූ ගුරුවරයාගේ ආකර්ෂණීය ඉගැන්වීම් රටාවට පැහැදීමෙන් පසුවයි. උගන්නන්නට කලියෙන් ඉගෙන ගත යුතු බව ඇය තීරණය කළාය. ඒ තීරණයෙහි ප‍්‍රතිඵලය වූයේ සිිඞ්නි විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපන හා කලා විෂය ධාරාවන් දෙකෙන්ම උපාධි ද්විත්වයක් ලබා ගැනීමයි.

එයින් පසුව ඇය දකුණු සිඞ්නි නුවර සුවිසල් රජයේ පාසලක් වූ Rooty Hill High School නම් උසස් විද්‍යාලයේ මානව විද්‍යා ගුරුවරියක ලෙස සේවය කරන්නට පටන් ගත්තාය. Rooty Hill උසස් විද්‍යාලය සුවිශේෂී විදුහලක් විය. එහි අධ්‍යාපනය ලබන්නේ විවිධ සංස්කෘතීන්වලින් ආ විවිධ භාෂා කතා කරන සිසුන්ය. ඔස්ටේ‍්‍රලියානු ආදිවාසීන් වූ ඇබොරිජින් හා ටොරස් ස්ට‍්‍රට් දූපත්වාසී සිසුන්ද මෙහි සැලකිය යුතු සංඛ්‍යාවක් ඉගෙනුම ලබති. එපමණක් නොව මේ පාසලේ බොහොමයක් සිසුන් අඩු ආදායම්ලාභී පවුල්වලින් පැමිණෙන සිසුන්ය.


වෙනස් සමාජ පන්තීන්ගෙන්, වෙනස් සංස්කෘතීන් ඇති වෙනස් ජන කණ්ඩායම් අතරින් පාසලට එන සිසුන් හැම දෙනාටම යසෝදායි සෙල්වකුමාරන් ‘‘ආදරණීය මිස් සෙල්වා” වූවාය. 

හැම අතකින්ම විවිධ වූ සිසුන් පිරිසකට විවිධ විෂයයන් උගන්වමින් ඔවුන්ගේ විභාගවලදී ඉහළ ප‍්‍රතිඵල ලබා දෙන්නට සිදුවීමේ අභියෝගය ”මිස් සෙල්වා” සාර්ථකව ජය ගත්තාය.

රූට් හිල් උසස් පාසලේ ඇය ගෙවූ නව වසරක කාලය තුළදී මානව විද්‍යාවට අමතරව ඇය ප‍්‍රාග් ඉතිහාසය පිළිබඳ අධ්‍යයනය, සමාජය හා සංස්කෘතීන් පිළිබඳ අධ්‍යයනය, භූගෝලය, වාණිජ්‍යය හා ඇබොරිජීන් ඉතිහාසය පිළිබඳවද සිසුන්ට ඉගැන්වූවාය. හැම අතින්ම වෙනස් වූ සිසුන්ට එකම සමාජයක් තුළ ඔවුනොවුන්ව ගැඹුරින් අවබෝධ කරගෙන සහයෝගයෙන් ජීවත් වෙන්නට උගැන්වීම ඇය කැමැත්තෙන්ම කළ කාර්යයයි. මේ සියල්ලෙහි ප‍්‍රතිඵලය ලෙස ඉතා අඩු මට්ටමක ප‍්‍රතිඵල තිබුණු පාසලක දරුවන්ගේ ප‍්‍රතිඵල ඉහළ මට්ටමකට නංවන්නට යසෝදාට හැකිවී තිබිණි.

ඇගේ අට වසරක ගුරු වෘත්තීය ජීවිතය තුළ ඇය තවත් ගුරුවරුන් 200 කගේ වෘත්තීන්ට සෘජුව බලපෑම් ඇති කර තිබුණාය. ඒ ඔස්ටේ‍්‍රලියානුු කවුන්සිලය විසින් පිරිනමන අති විශිෂ්ට තරුණ අධ්‍යාපනික නායකත්වය සඳහා වන මේරි ආම්ස්ට්‍රෝන්ග් අධ්‍යාපනික නායකත්ව සම්මානය 2014 වසරේදී දිනා ගැනීමෙනි. ඇගේ නායකත්වය යටතේ ගුරුවරුන් විසින් ක‍්‍රිියාත්මක කළ ව්‍යාපෘති වල ප‍්‍රතිඵලයක් ලෙසින් Rooty Hill උසස් විදුහල 2016 හා 2017 වසරවලදී පිට පිටම ඔස්ටේ‍්‍රලියාවේ හොඳම නවෝත්පාදක පාසල් 40 අතරින් එකක් බවට පත්විය. 

අද වන විට ඔස්ටේ‍්‍රලියාවේ Varkey Foundation විසින් පවත්වන ලොව හොඳම අධ්‍යාපනවේදියා තෝරන Global Teacher Prize සම්මානය සඳහා වන අවසන් තරගකරුවන් දහදෙනා අතරට තේරෙන්නට ඇයට හැකි වී ඇත. ඒ රටවල් 179 කින් ඉදිරිපත් වුණු තරගකරුවන් 10,000 ක් අතරිනි.

මේ සම්මානයත් සමඟ ලොව හොඳම ගුරු වෘත්තිකයාට හිමිවෙන තෑග්ග ඇමරිකානු ඩොලර් මිලියනයකි.

ඩොලර් මිලියනයකටත් වඩා වටිනා ”ලොව හොඳම ගුරුවරිය ලංකාවෙන්” යැයි කීමේ සතුට, ඇය අපේ රටට රැගෙන එන තුරු අපි බලා සිටින්නෙමු.

නිම්මි මුදිතා හේරත්









gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook