Featured News

Video Gossip

Advertisement

විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ හසල අත්දැකීම් සහිත මාධ්‍යවේදී ශානුක කරුණාරත්න මහතා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රවුර්ති හා කාලීන සිදුවීම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ලෙස පත්කර ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත, ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

කෑගල්ල, ශාන්ත මේරි විද්‍යාලයේ ආදී ශිෂ්‍යකු වන ශානුක කරණාරත්න දශක එකහමාරකට අධික විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ හසල අත්දැකීම් සහිත අයෙකි. 2003 වර්ෂයේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් සිය මාධ්‍ය ගමන්මඟ අරඹන ඔහු ඉන් අනතුරුව ආසියානු මාධ්‍ය ජාලයට සම්බන්ධ හිරු එෆ්.එම්. ෂා එෆ් එම් යන නාලිකාවල නිවේදන සහ ප්‍රවුර්ති අංශවල කටයුතු කල ඇත. ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායකගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස පත්වීම් ලබන ඔහු, අනතුරුව වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ පුවත් අංශය සමඟ එක්ව සිටියේය.

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රවුර්ති හා කාලීන සිදුවීම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ලෙස පත්වූ ශානුක කරුණාරත්නට මාධ්‍ය මිතුරාට ‌ගොසිප්99 අ‌පේ සුබ පැතුම් !

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements