Featured News

Video Gossip

Advertisement

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සම්මත කිරීම සඳහා ඡුන්දයක් අවශ්‍ය බවට එජාප පසු පෙළ මන්ත‍්‍රීවරයකු වන චමින්ද විජේසිරි මහතා කථානායකවරයාගෙන් කළ ඉල්ලීම අගමැතිවරයා සහ සභානායකවරයා නැගිට ප‍්‍රතික්‍ෂේප කිරීම නිසා ජනාධිපති වැය ශීර්ෂය ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී ඊයේ (13 වැනිදා) සම්මත විය.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අවසානයේදී කථානායකවරයා බෙදීමක් අවශ්‍ය දැයි සභාවෙන් විමසා සිටියේය. මේ අවස්ථාවේ නැගී සිටි බදුල්ල දිස්ත‍්‍රික් (එජාප) මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සඳහා ඡුන්ද විමසීමක් අවශ්‍ය බව ප‍්‍රකාශ කළේය.

එහෙත් ඒ අවස්ථාවේදීම නැගී සිටි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහ සභානායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට ඡුන්ද විමසීමක් අවශ්‍ය නොවන බව කීහ.

ජනාධිපති වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදී අදහස් දැක්වූ එජාප පසු පෙළ මන්ත‍්‍රීවරු වැය ශීර්ෂයට විරුද්ධව ඡුන්දය දෙන බව ඊයේ ප‍්‍රකාශ කර සිටියහ.

අගමැතිවරයා සහ සභානායකවරයාගේ මැදිහත්වීමෙන් ඡුන්දකින් තොරව ජනාධිපති වැය ශීර්ෂය සම්මත වුව ද වැය ශීර්ෂය පිළිබඳව පසු පෙළ මන්ත‍්‍රීවරුන් දැක්වූ විරෝධය සටහන් කර ගන්නා ලෙස කථානායකවරයා දැනුම් දුන්නේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements