Featured News

Video Gossip

Advertisement

මේ වන විට රටපුරා ක්‍රියාත්මක විදුලිය කප්පාදුව ලබන 10 වැනිදායින් පසුව නවතා දමන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රවි කරුණානායක මහතා පැවැසීය.

ඒ සඳහා අවශ්‍ය සියලු ක්‍රි්යාමාර්ග මේ වන විට ගෙන තිබෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය. 

වත්මන් විදුලිය කප්පාදුව පිළිබඳව ඊයේ (07 වැනිදා) ඇමැතිවරයාගෙන් කළ විමසීමකදී හෙතෙම ‘දිවයින’ ට මේ බව පැවසූ අතර කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කඩිනමින් සියලු මාධ්‍ය දැනුවත් කිරීමට කටයුතු කරන බව ද අවධාරණය කළේය.

එළැඹෙන උත්සව සමයත් සමඟ තම සේවකයන්ට ගම්බිම් බලා පිටත්ව යෑමට ලබන 10 වැනිදායින් පසුව රටපුරා පිහිටි බොහෝ කර්මාන්තශාලා රැසක් සේවකයන්ට නිවාඩු ලබා දී වසා දැමීම ද විදුලි කප්පාදුව නතර කිරීමේදී විදුලිබල මණ්ඩලයට ශක්තියක් වී ඇත.

විදුලි අර්බුදයට විසඳුමක් ලෙස හදිසි මිලදී ගැනීම් සඳහා දැනටමත් මෙරට පෞද්ගලික සමාගම් පහක් සමඟ ගිවිසුම්ගත වීමට ද විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබේ.

මේ අතර ඉදිරියේදී අඛණ්ඩව විදුලි සැපයුමක් පවත්වා ගෙන යෑම සඳහා දැනටමත් ශ්‍රී ලංකාවට ළඟා වී ඇති ඉරාන සහ ඩුබායි රාජ්‍යයන්ට අයත් පාවෙන බලාගාර සහිත නෞකා දෙකකින් (බාර්ජ්) කැබිනට් අනුමැතිය මත තවත් මෙගාවොට් 500 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමට තීරණය වී ඇතැයිද විදුලිබල මණ්ඩල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

සමන් ගමගේ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements