Featured News

Video Gossip

Advertisement

ඌව පළාත් මහ අමාත්‍ය වරයා බදුල්ල ප්‍රාදේශීය සේවා සෞඛ්‍ය අධ්‍යක්ෂක වරියට අසභ්‍ය ලෙස බැන වදිමින් හේතුකොට ගෙන මහ අමාත්‍යවරයාට එරෙහිව ඌව පළාත් සියලුම රෝහල්වල වෛද්‍යවරුන් දින තුනක පමණ කාලයක් රෝහල් රාජකාරියෙන් බැහැරව වෛද්‍යවරුන්ට අයත් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන ද වසා වැඩ වර්ජනයක් ආරම් කෙරිනි.

මෙහිදී වෛද්‍යවරුන් පැවැසුවේ මහ ඇමැතිවරයාගේ මෙම අන්තනෝමතික ක්‍රියා කලාපය දැඩි පිලිකුල් ලෙස හෙලා දකින බවත් මහ අමාත්‍යවරයා බදුල්ල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරියගෙන් ප්‍රසිද්ධියේ සමාව අයද සිටින ලෙසයි.


කෙසේ වෙතත් මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් මහ ඇමැතිවරයා පවසා සිටියේ තමන් කිසිදු ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරියගෙන් හෝ ඌව පලාත් රජයේ වෛද්‍ය නිළධාරී සංගමයෙන් සමාව අයද නොසිටින බවයි.
මහ ඇමැති චාමරගේ මෙම ප්‍රකාශයත් සමග ඌව පළාත් වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය දිවයිනේ සිටින සියලුම රෝහල්වල වෛද්‍යවරුන්ගේ සහයෝගය මත දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීම සියලු කටයුතු සූදානම් කර ඇත.

තවද අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ මෙම සිදුවීම දැනගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වහාම තමන් හමුවීමට ඌව පළාත් මහ ඇමැතිවරයාට පැමිණෙන ලෙස නියෝග කර ඇති බවයි.

ජනාධිපති වරයා මුණ ගැසුනු මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතාට   ජනාධිපතිවරයා විසින් දැඩි ලෙස අවවාධ කර හැකි ඉක්මනින් මෙම සිදුවීම නිරාකරණය කර ඌව පළාත් රජයේ වෛද්‍ය නිළධාරීන්ගෙන් සහ බදුල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරියගෙන් සමාව අයද සිටින ලෙස නියෝග නිකුත් කර ඇත.

ඉන් අනතුරුව මහ ඇමැතිවරයා ලිපියක් මගින් ඌව පළාත් වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේඛම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාට පවසා සිට්යේ ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කණගාටුව පල කරන අතර මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම සදාහා ඌව පලාත් ආණ්ඩුකාර කාර්‍යාලයට වෛද්‍යවරුන්ට පැමිණෙන ලෙසයි.

ඉන් අනතුරුව මහ ඇමැතිවරයා ඌව පළාත් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයෙන් ඇතිවූ සිදුවීම පිළිබදව තමා කණගාටුව පල කරමින් සමාව,අයද සිටින බවත් මින් පසු කිසිදු රාජය නිළධාරියෙක්ට බැන වැදීම් තර්ජනාත්මක ප්‍රකාශ සිදු නොකරන බවත් ඉදිරියේදී රජයේ වෛද්‍ය නිළධාරීන් සමග සහයෝගයෙන් කටයුතු කරන බවත් මහ ඇමැතිවරයා වැඩිදුරටත් පවසා ඇත..

- රිස්වාන්

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements